TV එකේ හිටියට කමක් නෑ – මූණ වහගනිල්ලා! – නවතම තලෙයිබාන් නියෝගය 

Date:

ඇෆ්ගනිස්ථානය තලෙයිබානයට නතු වීමට පෙර ගෙවී ගිය වසර 20 තුළ ‘ස්ත්‍රීන්ගේ රූපවාහිනිය’ වැනි සංකල්ප පවා එරට ක්‍රියාත්මක විණි.2017 වසරේදී ඇරඹූ සෑන් රූපවාහිනිය (Zan TV station) එවැන්නකි. එය ඇෆ්ගනිස්ථානයේ පමණක් නොව මුළු ලෝකයේම සන්ධිස්ථානයකි. එය ස්ත්‍රීන් විසින් ස්ත්‍රීන්ගේ ප්‍රශ්න කතා කරන ආසියාවේ හොඳම රූපවාහිනී නාලිකාවක් බවට පත් ව තිබිණි. එහි සේවය කරන්නේ 99%ක්ම මාධ්‍යවේදිනියන් ය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ අයිතිවාසිකම් ඇතැයි කියන බටහිර රටවල පවා විරල සංසිද්ධියකි.

මේ අතර ගාඩියන් පුවත් සේවය පසුගියදාක වාර්තා කළේ තලෙයිබානයේ තරුණ සටන්කරුවන් රයිෆලය/තුවක්කුව වෙනුවට පෑන් අතට ගෙන ලියන්නට කියන්නට ඉගෙන ගනිමින් සිටින බවයි. එය නිසැකවම සුබ ලකුණකි. නමුත් ස්ත්‍රිය වැනි මාතෘකාවලට එළඹෙන විට ඔවුන්ට තවමත් සිය ‘අමු තලෙයිබාන් ගතිය’ වළක්වා ගත නොහැක.

ඊයේ දිනයේ තලෙයිබාන් පාලනය රූපවාහිනී නිවේදිකාවන් සඳහා සිය නවතම නියෝගය ලබාදුන්නේය. එයට අනුව ඇෆ්ගනිස්ථානයේ සියලු රූපවාහිනී නිවේදිකාවන්, තිරයේ දිස්වන හැම විටම සිය මුහුණු ආවරණය කරගෙන සිටිය යුතුය.

මේ නියෝගය “final and non-negotiable” ය. එනම් අවසානාත්මක වනවා පමණක් නොව, ඒ ගැන කතා කරන්නට ද බැරිය. නියෝගය ලබාදෙන්නේ රටේ තොරතුරු සහ සංස්කෘතික අමාත්‍යාංශයයි.

ඔබ සිතන්නේ ඇෆ්ගන් රූපවාහිනී මාධ්‍යවේදිනියන් මෙයට ප්‍රතිචාර දැක්වූයේ කුමන ආකාරයෙන් කියා ද? TOLO රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රකට නිවේදිකාව සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන යාල්දා අලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ වහාම වීඩියෝවක් පෝස්ට් කළාය. එහි දැක්වුණේ ඇය සිය රූපවාහිනී සේවාස්ථානය තුළදී මුහුණ අනාවරණය කරගෙන සිටින ආකාරයයි.

https://www.instagram.com/yalda.ali.official/?utm_source=ig_embed&ig_rid=dafd5860-c487-40f0-afe5-6cf404864d1e

ෂම්ෂාද් නාලිකාවේ (Shamshad TV) ඉදිරිපත් කරන්නියක් ද මෙයට ප්‍රතිචාර දැක්වූවාය. ඇය මුලින් මුහුණු ආවරණයක් සහිතව තිරයේ පෙනී සිට, පසුව මුහුණු ආවරණය රහිතව ද තිරයේ පෙනී සිටියාය.

ඔවුන්ට මෙසේ දිගටම රැකියාව කළ හැකිදැයි විශ්වාස නැත. කලින් කී පරිදි මෙම අවාසනාවන්ත තීරණය අවසානාත්මක ය. ඒ ගැන කතා කිරීමට ද බැරි ය.

නමුත් මේ දිරිමත් කෙල්ලන්, හෙට දිනයේ තලෙයිබාන් උණ්ඩයට බිලි වුවත්, අද දිනයේ තමන් – තමන් ලෙස ජීවත් වීමට අදිටන් කරගෙන තිබේ. මේ සටහන ඔවුන්ගේ දිරියට උපහාරයක් ලෙස ලියැවුණකි.

Main Photo: Sky News

RADIKA GUNARATNE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩාව සහ ඉන්දියාව ත්‍රස්තවාදී බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජාත්‍යන්තර අපරාධ සහ...

රුසියාව මියගිය යුක්රේන සොල්දාදුවන්ගේ මළ සිරුරු 1,200 ක් ආපසු ලබා දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : රුසියාව මියගිය යුක්රේන...

වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යර්ථ වෙයි!

කොළඹ LNW:මරදාන,කෝවිල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමේ උත්සාහයක් අද...

අයෝමාල් තරණය කළ ඓතිහාසික කඩුල්ලෙන් ඉනික්බිති, හෙට පෙණෙන කව්ළුවෙන් දකින්න

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ක්‍රියාත්මක ජාතික මලල ක්‍රීඩා...