ඇමතිකමේ දිවුරුම් දෙන්න හරීන් ගත් පොරොන්දුව (VIDEO)

Date:

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ භාර ගනිමින් පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත කරුණු 07ක් ඉදිරිපත් කළ බවත් ඒ අතර පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම රන්ජන් රාමනායක මහතා ගැනද කතා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙදර යවන දින වකවානු ගැනද සාකච්ජා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

”මම එළියේ අරගලයේ ඉන්න මල්ලිලාටත් කියනවා මේ දේශපාලනය ගෝඨාව රකින්නවත් මහින්ද මහත්තයා රකින්නවත් නාමල් රාජපක්ෂ රකින්නවත් නෙවෙයි ආවේ. රටේ ප්‍රශ්නේ බේරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයට දුවන්න මේකට කකුලෙන් අදින්නේ නැතුව එළියෙන් ඉඳගෙන අර කට්ටිය කියනවා වගේ එළියෙන් ඉඳගෙන සහයෝගය දෙන්නම් කතා මොන බොරු කතාද.ඒක අවංකද? හිතල බලන්න. මෙච්චර ප්‍රශ්නයක් වෙලා ඉන්නකොට අපි තාම දේශපාලනයනේ කරන්නේ. මම කිව්වේ එළියේ හිටියට කමක් නැහැ. එකෙකෙනෙක් දෙන්නෙක් දෙන්න. අපිට යන්න වුවමනාවක් තිබුණේ නැහැ. මට ඊළඟ ඉලෙක්ෂන් එක ගැන අදාළ නැහැ. මට වැදගත් වෙන්නේ ඉදිරියට ජන්දයක් තියන්න පුළුවන් රටක් මේ රට තුළ නිර්මාණය වෙයිද කියන එක ඉස්සෙල්ලම හිතන්න ඕනේ.”

ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමට පාරේ වැඩ කිරීමෙන් පලක් නැති බවත් පාර්ලිමේන්තුවේදීත් එය කළ නොහැකි බවත් පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් අත දමා ඇත්තේ මකර කටකට බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...