යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03:
යේමනයේ රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ. යේමන හමුදාව පවසන්නේ පැය 24ක් තුළ සිදුකළ ප්‍රහාර 474කින් හූති සටන්කාමීන් 1,540 දෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි.

2022 වසරේ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ඇති වූ සටන් විරාමයෙන් පසුව සාපේක්ෂව අඩු වී තිබූ ප්‍රචණ්ඩත්වය, පසුගිය මාස කිහිපය තුළ යළිත් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. හූති කණ්ඩායම රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සිය පාලනය පුළුල් කර ඇති අතර, තායිස් ඇතුළු ප්‍රදේශවලද දරුණු සටන් වාර්තා වේ.

මේ අතර ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 145,000කට වැඩි පිරිසක් සිය නිවෙස්වලින් අවතැන්ව ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය සඳහන් කරන අතර තායිස් ප්‍රදේශය අවතැන්වූ පුද්ගලයන්ගේ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශය බවද එම සංවිධානය පවසයි.

එමෙන්ම ආහාර සැපයුම් මාර්ග කඩාකප්පල් වීමත් සමඟ යේමනයේ මානුෂීය අර්බුදය තවදුරටත් බරපතළ වී ඇති අතර ලෝක ආහාර වැඩසටහනට අනුව, රජයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල පවුල්වලින් 74%ක් ප්‍රමාණවත් ආහාර නොමැති තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බව කියැවේ.

ගැටුම් තවදුරටත් පැතිර යාම රතු මුහුදේ සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර මාර්ගයේ ආරක්ෂාවටද බලපෑම් කළ හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...