SLTDA කිමාලි, කැතයි ලැජ්ජයි !

Date:

කිමාලි හෙවත් කුප්‍රකට ඩිල්මා ලේලිය නොහොත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය තරම් ලැජ්ජා විරහිත ආයතන ප්‍රධානියෙකු ලංකාවේ නැති බව අද දිනයේ නැවත වරක් සනාථ විය.

ඒ, අද දිනයේ සංචාරක සහ ඉඩම් කැබිනට් අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු දිවුරුම් දී, සංචාරක අමාත්‍යාංශයට ගිය පසුව ඇය විසින් නිර්ලජ්ජිත රංගනයක් ඉදිරිපත් කිරීම තුළිනි.

නාටකය මෙසේ ය.

හරීන් ප්‍රනාන්දු නව කැබිනට් අමාත්‍යවරයා කාර්යාලයට පැමිණි පසුව, ජනපතිවරයාගේ ආශිර්වාදය හරහා නඩු ගණනාවක් සහ ලංකා වාණිජ මණ්ඩල එකමුතුව විසින් ඉදිරිපත් කළ විශ්වාස භංගයකට ද මුහුණ දී සිටින කිමාලි ප්‍රනාන්දු, ලහි ලහියේම හරීන් ප්‍රනාන්දු බැහැ දැකීමට පැමිණ තිබේ.

ඇය පැමිණියේ අනාරාධිතව ය. හරීන් ද, ප්‍රනාන්දු කෙනෙක් නිසා ඔහු පවුලේ කෙනෙකුට මෙන් සලකාවි කියා කිමාලි හිතුවාද දන්නේ නැත. කිමාලිගේ ඥාති සංග්‍රහය ගැන මීට පෙර ද ලංකා නිව්ස් වෙබ් හරහා පූර්ණ අනාවරණයක් සිදුකර ඇති හෙයින්, ඒ ගැන නැවත නැවතත් කීමට අවශ්‍ය නැත. නමුත් හරීන් ප්‍රනාන්දු කිමාලිගේ ලේ ඥාතියෙක් නොවන්නා සේ ම, හරීන් ප්‍රනාන්දු නව කැබිනට් අමාත්‍යවරයාගේ හිස, තවම කොහේ හෝ වැදිලා නැති බවත් අපි විශ්වාස කරමු.

ඇත්තම ප්‍රශ්නය වුණේ කිමාලි එසේ පැමිණීම නොවේ. පැමිණි පසුව නොගිහින් සිටීම ය.

සංචාරක අමාත්‍යාංශයේ කිසිම හේතුවක් නැතිව දැවටි දැවටී සිටීම ය.

අවසානයේ බැරිම තැන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා තිබෙන්නේ සිය කණ්ඩායම සමග කතා බස් කිරීමෙන් පසුව සඳුදා දිනයේ ඇය සමග සාකච්ඡාවක් පැවැත්වීමට කැමති බවයි.

එසේ ‘සඳුදාට එන්න’ යැයි කියූ පසුවත් කිමාලි යන පාටක් පෙනෙන්නට තිබුණේ නැත.

අඩුම තරමේ ඇය දැන්වත් ගෙදර ගොස් ඇතැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ඇගේ ඒ රංගනය, ඒ දෙස බලා සිටිවුන්ට ද බලා සිටින්න බැරි තරම් එකක් බව වාර්තා වේ.

කිමාලිට කවදත් තමන්ගේ වාසිය මිස තමන්ගේ අවලස්සන හැසිරීම පෙනුණේ නැත. එහි කැත කවදත් පෙනුණේ බලන් සිටිනා අයට ය. ඒවායින් පීඩා විඳින අයට ය. එනිසා ඇයට නැතත්, ඇය දෙස බලා සිටින අයට ‘ඇයි මෙහෙම’ යැයි ලැජ්ජා සිතේ.

නමුත් කිමාලි මෙසේ ‘චාටර්’ විය යුතු කෙනෙක් යැයි අපි නොසිතමු. තමන් ඩිල්මා සමාගම් සමූහයේ ලේලිය බව මොහොතකට අමතක කළත්, ඇය එයිට්කන් ස්පෙන්ස් සුප්‍රකට සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ජී.සී. වික්‍රමසිංහ නමැති ප්‍රතාපවත් මිනිසාගේ දියණිය බව ඇයට අමතක වන්නට විදිහක් නැත.

අඩුම වශයෙන් සිය පියාගේ නාමය හෑල්ලු නොකර, ගෑනු කම මේ අන්දමින් පාවිච්චි නොකර, මේ රටේ ආයතන ප්‍රධානී ධුරයන් උසුළන සියලු කාන්තාවන් ට ද අවමන් නොකර කිමාලි දැන්වත් වෘත්තිකයෙකු සේ හැසිරෙන්න.

අනූ නව අවුරුදු බද්දට ලබාදුන් ඉඩමකට කෑදර කමින්, එයින් නොනැවතී ඩිල්මා සමාගමට ව්‍යාඝ්‍ර නැරඹුම් ගලක් සහිත මිලියන ගණනක් වටිනා ඉඩමක් නොමිලේ තෑගි කිරීම යනාදී දහසකුත් එකක් නිහීන ක්‍රියා තුළින් ඇය සිය බල පරාක්‍රමය පෙන්වූ යුගය, යම් මොහොතක අවසන් විය යුතුය.

හරීන් ප්‍රනාන්දු නව සංචාරක ඇමතිතුමනි, කිමාලි වැනි නිල බලය වෛශ්‍යා සේවයේ යොදවන ආයතන ප්‍රධානීන්ගෙන් පරිස්සම් වීම දීර්ඝායුෂ ලැබීමට හේතුවක් වනු ඇත.

අයියෝ කිමාලි, නොගියොත් එන්නට බැරි ය. ඒ නිසාවත් – දැන්වත් යන්න!

දෙයියන්ගේ නාමයෙන් නොවේ නම්, පියාගේ නාමයෙන් දැන්වත් ගෙදර යන්න!

පෙර ලිපිය –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...