*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

SLTDA කිමාලිට එරෙහිවත් විශ්වාසභංගයක්!

ප්‍රශ්නගත ඉඩමකට අදාළව කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (Sri Lanka Tourism Development Authority – SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු පිළිබඳව ඉකුත් පෙබරවාරි මස LNW අපි ඔබට තොරතුරු වාර්තා කළෙමු. එපමණක් නොව එම ප්‍රශ්නගත ඉඩමට අදාළව සංචාරක අධිකාරියේ බලය අවභාවිතා කරමින් මුල පටන්ම කිමාලි ප්‍රනාන්දු හැසිරුණු අන්දම, ඇගේ පවුල් සංග්‍රහය හා ඊට අදාළව ලබා දුන් අධිකරණ නියෝග පවා නොතකමින් ඈ හැසිරුණු අන්දම පළමු වරට හෙළිදරව් කළේ LNW අප ය.

කිමාලි – හෙවත් කුප්‍රකට ඩිල්මා ලේලිය – සංචාරක අධිකාරිය සතු වත්කම් සහ දේපළ ඉතාම නින්දිත අන්දමින් තම දේශපාලන බලය හා පවුල් බලය යොදාගනිමින් පවුල් සංග්‍රහය සඳහා යෙදවූ අතර, ඊට අදාළව ගනු ලැබූ අධිකරණ ක්‍රියාමාර්ගයන් වල දී ලාදුරු රෝගියකු සේ කිසිවක් නොදැණුනු ආකාරයෙන් හැසිරුනා පමණක් නොව තමාට හිතවත් මාධ්‍ය ආයතන යොදාගනිමින් එම අධිකරණ ක්‍රියාවලියේ තීන්දු පවා විකෘතියට ලක්කරමින් පුවත් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ පිළිකුල් සහගත වෑයමක නිරත වූ අයුරු අපි මීට පෙර හෙළිකර ඇත්තෙමු.

මේ වන විට කිමාලි ප්‍රනාන්දු පිළිබඳව කාර්මික අංශයේ ඉහළම භවතුන්ගේ අවධානය පවා යොමුව ඇත. ඉකුත් අප්‍රේල් 20 වන දින ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) අවධාරණය කර සිටියේ ඈ වහාම එම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි.

කිමාලිට එරෙහිවත් විශ්වාසභංගයක්!

ඒ අනුව,

  • Sri Lanka Association of Inbound Tour Operators (SLAITO),
  • The Hotels Association of Sri Lanka (THASL),
  • Travel Agents Association of Sri Lanka (TAASL),
  • Sri Lanka Association of Professional Conference and Event Organizers (SLAPCEO) හා
  • Association of Small and Medium Enterprises in Tourism Sri Lanka (ASMET)

    යන ලංකා වාණිජ මණ්ඩලයේ එකමුතුව කිමාලි ට එරෙහිව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් අවධාරණය කරන්නේ පහත දැක්වෙන කරුණු මත කිමාලි සංචාරක අධිකාරියේ සභාපතිධුරයෙන් ඉවත්කළ යුතු බවට වාණිජ මණ්ඩලයේ ඒකමතික තීන්දුව වී ඇති බවත්, එම තනතුරට අදාළව වඩාත් සුදුසුකම් ලද පුද්ගලයකු පත්කළ යුතු බවත් ය.
  1. සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර බෙදීම් ඇතිකිරීම සහ කර්මාන්තයේ සංහිඳියාව කඩාකප්පල් කිරීම – සභාපතිවරිය විසින් සංචාරක කර්මාන්තය මෙහෙයවීම සහ රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා ඒකාබද්ධ පෙරමුණක් නිර්මාණය කළ යුතුව තිබුණි.
  2. සංචාරක කර්මාන්තය ආපදාවකට මුහුණදුන් අවස්ථාවන් වල නායකත්වය සහ මඟපෙන්වීම කිසිසේත්ම ලබා නොදීමට කටයුතු කිරීම:
    උදා. 2020 මාර්තු මාසයේ පළමු කොවිඩ්-19 රැල්ල මතුවූ අවස්ථාවේ සභාපතිවරිය සහමුලින්ම සොයාගැනීමට නොහැකි වීම; වත්මන් ඉන්ධන සහ විදුලි අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයට සහාය වීමට සභාපතිවරිය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති වීම
  3. දැනට මුහුණ දී ඇති ගැටළු විසඳීම සඳහා සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ එක්ව මඟ පෙන්වීමක් හෝ සහයෝගීතාවයක් ලබා නොදීම
  4. වැඩසටහන් වලට මුලපිරීම සඳහා සභාපතිවරියට උනන්දුවක් නොමැති අතර, රට හා රටට ආදායමක් ලබා දෙන ගමනාත්ත ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකිරීම.
    උදා. රුසියානු සංචාරක ක්‍රියාකරුවන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම අධෛර්‍යමත් කරමින් මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඈ යොමුකළ ලිපිය
  5. 2020 ජනවාරි මාසයේදී අනුමත කරන ලද ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට මුලපිරීමක් නොගැනීම
  6. සියයට 95 ක්ම පෞද්ගලික අංශයෙන් මෙහෙයවන කර්මාන්තයක් සඳහා පෞද්ගලික අංශයේ අදහස් විමසීමකින් තොරව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ නව සංචාරක ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම
  7. කර්මාන්තයේ පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළු කරනවා තබා පාර්ශවකරුවන්ට දැනුම් දීමක්වත් සිදුනොකර සංචාරක පනත ක්ෂණිකව වෙනස් කිරීමට කටයුතු කිරීම
  8. නව සංචාරක පනත අනුමත කර ගැනීම සඳහා, සංචාරක කර්මාන්තයේ ඉහළ ආයතනවල නියෝජනය අඩපණ කිරීමේ කූඨ අරමුණ ඇතිව කර්මාන්තයේ මූල්‍ය දායකයන්ගේ (සංචාරක සංවර්ධන බද්ද ගෙවන) කිසිඳු නියෝජනයක් නොමැති නොවැදගත් සංගම් කිහිපයක් පිහිටුවා ගැනීම.
  9. තීරණ ගන්නන් නොමග යවන සුළු, පැවැත්වූ සාකච්ඡා වල අඩංගු වූ සත්‍ය කරුණු විස්තර නොකෙරෙන හා නොගැලපෙන අධ්‍යක‍්ෂ මණ්ඩල ව්‍යවස්ථා අනුමත කරගැනීම
  10. විෂය භාර අමාත්‍යවරයාගේ වියදම්, අමාත්‍යංශයේ ඉඩම් ඉල්ලුම්පත්‍ර, සමාජ මාධ්‍යවල වල කළ ඉල්ලීම් වැනි රහස්‍ය තොරතුරු හෙළිදරව් කරමින් රජය අපකීර්තියට පත්කිරීම.
  11. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය ලෙස තමා දැරූ තනතුරට අදාළව ඇතිවූ බැඳියා ගැටුමක් හේතුවෙන් පැවැත්වූ අධිකරණ ක්‍රියාමාර්ගයේ දී රජයේ මුදල් භාවිතා කරමින් පෞද්ගලික නීතීඥ සහාය ලබා ගැනීම
    උදා. සභාපතිනියගේ ස්වාමිපුරුෂයාගේ පවුල සතු දේපළක් වන යාල වයිල්ඩ් කෝස්ට් ටෙන්ටඩ් ලැගුම්හලෙහි ඉඩම බදුදීමට අදාළ අධිකරණ ක්‍රියාවලියේ දී අධිකරණයට අපහාස කරමින් හැසිරීමේ චෝදනාව
  12. ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ගුවන් සේවය සමඟ වැඩ කිරීමට උනන්දුවක් සහ මුලපිරීමක් නොදැක්වීම

කිමාලි සමඟ ගතවූ වසර දෙකක කාලය තුළ කටයුතු කිරීමෙන් හා මේ දක්වා ඇගේ ක්‍රියාකලාපය නිරීක්ෂණය කිරීමේදී සැකයෙන් ඔබ්බට පැහැදිලි වන්නේ සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය නායකත්වය ලබා දීමට ඈ අසමත් වී ඇති බව ද ලංකා වාණිජ මණ්ඩලය සිය ලිපිය හරහා අවධාරණය කර සිටියි.

සබැඳි පුවත්:

http://139.59.240.222/02/15/7128/
http://139.59.240.222/02/10/6486/
http://139.59.240.222/02/09/6303/
http://139.59.240.222/02/04/5738/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan