පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාසා ආයතනය වසර ගණනාවක සිට සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස , පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇත්තේ Sea of Sri Lanka කලාපයේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ බව නාසා ආයතනය  සොයාගෙන තිබේ.

නාසා ආයතනය සිදුකළ මේ පරීක්ෂණයෙන්, මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ, ගුරුත්වාකර්ෂණ වෙනස්කම් පිළිබඳව නාසා ආයතනය වසර ගණනාවක් තිස්සේ සිදුකළ  ග්රේස් ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් වශයෙනි.

1958 වසරේ සිට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ සිදු කරන ලොව ප්‍රධානතම ආයතනය වන්නේ,  අමෙරිකානු ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරේෂණ ආයතනය හෙවත් නාසා ආයතනයයි.

ඔවුන්ගේ මෙම පර්යේෂණට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර, තුර්කියේ සිටින සංචාරකයින්ට වඩා අඩුබව  හෙළිවී ඇති අතර මෙම සොයා ගැනීමට පාදක කර තිබෙන්නේ ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වය පිළිබඳව ලබාගත් චන්ද්‍රිකා දත්ත බව සඳහන් වේ.

නාසා ආයතනයට අනුව ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානවලට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හැරුණුවිට මාලදිවයිනට නැගෙනහිර දෙසින් පිහිටි ඉන්දියන් සාගරය, හඩ්සන් බොක්ක ආශ්‍රිතව පිහිටි උතුරු කැනඩාව ද  ගුරුත්වාකර්ෂණය අඩු මෙවැනි ස්ථාන වලට අයත් වේ.

ගුරුත්වාකර්ෂණයේ මෙම අඩුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුගේ බර අඩුවෙන් දැනෙන අතර එම අඩුවීම ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයක් විය හැකි බව නාසා ආයතනය පෙන්වා දෙයි.

නාසා සොයාගැනීම්වලට අනුව පෘථිවි කබොලේ ඝණත්වය සහ ලාවා ඝණත්ව මෙම වෙනසට හේතුව වන අතර, ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ස්ථාන අතරට බොලීවියාව, උතුරු ඇන්ඩීස් කඳුකරය අයත් වේ.

නාසා ආයතනය පෙන්වා දෙන්නේ , ලාවා ධාරණය වීම වෙනස්වීම සහ පෘථිවි තල වෙනස්වීම මත මෙම තත්ත්වයන් වෙනස්වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...