*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉරාන ජනාධිපතිගේ අභාවය වෙනුවෙන් NPP නායක ශෝකය පළකරයි.

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් , ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ රටවල් සමග රයිසි ජනාධිපතිවරයා, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළ බවත් පවසන ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉරාක නායකයාගේ අභාවය වෙනුවෙන් තම පක්ෂයේ ශෝකය පළකර ඇත.

එම නිවේදනයක පහතින් දක්වා ඇත.

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ගරු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය ලෙසත් ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් අපි අපගේ සාතිශය ශෝකය පළ කර සිටිමු. මේ දුෂ්කර මොහොතේ මියගිය සියලු දෙනාගේ ඥාතීන් සහ හිතමිතුරන් සමග අපි අපගේ ශෝකය බෙදාගැනීමට කැමැත්තෙමු.

ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ රටවල් සමග රයිසි ජනාධිපතිවරයා, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළේය. ඉරාන ජනතාවගේ අරමුදල්වලින් ඉදිකරන ලද ජලවිදුලි බලාගාරය විවෘත කිරීම සඳහා වූ ඔහුගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඔහුගේ නොවෙනස් කැපවීම පිළිබඳ සාක්ෂියකි. එසේම ඒ හා සමාන ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා අසර්බයිජානය වෙත ගිය ඔහුගේ අවසන් සංචාරයද කලාපීය සහයෝගීතාව සහ අනෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් වූ ඔහුගේ දැඩි කැපවීම අවධාරණය කරයි.

සහයෝගීතාව, සංවර්ධනය සහ මිත්‍රශීලී සබඳතා දිරි ගැන්වීම පිළිබඳ ඔහුගේ ආදර්ශය, ඉරානය තුළත් පොදුවේ මැදපෙරදිග පුරාමත් අඛණ්ඩ සංවර්ධනය සහ ස්ථීරසාරභාවය සහතික කරමින් ඔහුගේ අරමුණ ඉදිරියට ගෙන යනු වස් ඉරාන ජනතාව නිසැක ලෙසම ප්‍රබෝධමත් කරනු ඇති බවට ජාතික ජන බලවේගය ලෙස අපට විශ්වාසය.
මෙම ඛේදජනක අවස්ථාවේ ඉරාන ජනතාවට අපි අපේ දැඩි සහයෝගීතාව පළ කර සිටිමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.21

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan