*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මොහොමඩ් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාව පාර්ලිමේන්තු යැව්වේ අපිද ??

හිටපු මුදල් සහ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී බොහෝම වේදනාවෙන් කතා කරනවා දැක්කා. තමන්ගෙ දේපළ හානිය ගැන හඬා වැළපෙමින් කතා කළා එතුමා.

තමන් හොරකම් කළේ නැතිය, රට වෙනුවෙන් යමක් කරන්න සද්භාවයෙන් දේශපාලනයට ආවාය, ආයෙ නම් එන්න කිසිම වුවමනාවක් නැතිය වගේ කතා ගොඩක් බොහොම ආවේගශීලීව කිව්වා අලි සබ්‍රි මහතා.

හොරකම් නොකරනවා නම් ඒක හොඳ දෙයක්. හැබැයි හොරකම් කරන එක වගේම හොරු බේරලා දෙන එකත් වරදක්. සමහරවිට ඒ මහතා ඒක නොදන්නවා වෙන්න ඇති.

ඒ වගේම සද්භාවයෙන් හෝ වෙන මොකක්හරි එකකින් හෝ අලි සබ්‍රි මහතාව මේ රටේ දේශපාලනයට ගෙනාවේ මේ රටේ ජනතාව නෙවෙයි. අඩුම ගාණේ ඒ මහතා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණු කෙනෙක්වත් නෙවෙයි. ඒ මහතා ජනාධිපතිවරයා සමග තිබුණු හිතවත්කම උඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු කෙනෙක්. ඉතින් දේශපාලනය ගැන ඒ මහතා කළකිරිලා ඉන්නවා නම් ඔහු ඒවා කියන්න ඕනෑ තමන්ට දේශපාලනයට එන්න අවස්ථාව ලබාදීපු ජනාධිපතිවරයාටත්, ඒ ජනාධිපතිවරයාව හඳුන්වා දීපු දිලිත් ජයවීරටත් මිස රටේ ජනතාවට නෙවෙයි. ජනතාවට ඕවායින් වැඩක් නැහැ.

අනික, දේශපාලනයට එන්න කලින් තමන්ගේ ආදායම් ගැන ඒ මහතා පම්පෝරියකුත් ගහනවා. ඇත්ත තමයි, ඒ මහතා අතිවිශාල කෝටිපති නීතීඥයෙක්. රටේ ඉන්න ඉහළම ධනවතුන් මට්ටමේ ඉන්න කෙනෙක් වෙන්නත් ඇති සමහරවිට. නමුත් ඒ සල්ලිවලින් ඒ මහතාට රටේ අධිකරණ ඇමතිකමවත්, මුදල් ඇමතිකමවත් ගන්න බැහැනේ. ඒ දෙකම එකවැර කොහොමටවත් ගන්න බෑ. මැයි 09 වෙනිදා වෙනකොට මේ රටේ හිටපු බලගතුම ඇමති වුණේ අලි සබ්‍රි මහතාමයි. ඔහුට රාජ්‍ය ආයතන 83ක් පවරා දීලා තිබුණා. ඉතින් මේ දේශපාලනයට ඇවිල්ලා අරක වුණා, මේක වුණා කියද්දී මීට කලින් ප්‍රාදේශීය සභාවකවත් ඉඳලා නැති කෙනෙකුට ඔය ඔක්කොම එකවැර ලැබුණු කතාව ඒ මහතා කියන්නේ නෑ.

ඉතින් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාලා උසාවිවල නොයේකුත් දහං ගැට ගහලා චූදිතයින් බේරනවා ඇති. ඒකට යටි ගිරියෙන් කෑගහලා උසාවියේ ඉන්න අය බය කරගන්නවාත් ඇති. ඒත් ජනතාව ඉස්සරහා ඔය මොකුත් වලංගු නෑ. නිකම් බොරුවට මහජනතාවගේ මුදල් නාස්ති කර කර තවත් පාර්ලිමේන්තුවේ පම්පෝරි ගගහා ඉන්න එපා. ඔයාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදර යන්න ඕනෙ නම් එහෙම යන්න. එහෙම යන්නත් බැරි තරම් ඒකට ආසයි නම් බොරුවට පම්පෝරියි පල් පාටුයි නොදා ලැබෙන වරප්‍රසාදයක් අරන් ඉන්න.

එකක් මතක තියාගන්න, ඔයාව දේශපාලනයට ගෙනාවේ අපි නෙවෙයි. ඒ නිසා ඔය අර්බුදය අපි නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේ රට ණය ගෙවාගන්න බැරුව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළේ නම් ඔයා මුදල් ඇමතිවෙලා හිටපු කාලේ. ඔයා මේ හැම එකටම වගකියන්න ඕනේ. ඔය මොන කතා කිව්වත් ඒ වගකීමෙන් ඔයාට ගැළවෙන්න බෑ. එච්චරයි !

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan