හෙට නයීම්ගෙන් තොර බංගලාදේශයක්

Date:

බංගලාදේශ සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රි ලංකාවට දැඩි හිසරදයක් වූ බංගලාදේශයේ නයීම් හසන් ක්‍රිඩා නොකරන බව වාර්තා වෙනවා.ඒ ඔහුගේ ඇඟිල්ලක ඇති වි තිබෙන ආබාධයක් නිසයි.

තවමත් 22 හැවිරිදි නයීම් ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග 8 ක ඉණිම 14 ක් පමණයි.ඒ ඉණිම 14 තුළ ඔහු දවා ගෙන තිබෙන කඩුලු ප්‍රමාණය 31 ක්.ඉණිම තුනකදීම ඔහු කඩුලු 5 ඉන්මවා ගබා තිබෙනවා.තරගයක හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 152 ට කඩුලු 9 ක් ලබා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි .ඉණිමක හොඳම පන්දු යැවීම තමයි ඔහු ශ්‍රී ලංකායට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී වාර්තා කළේ.ඒ ලකුණු 105 ට කඩුලු 6ක් ලබා ගනිමින්.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

ඒ නිසා ටෙස්ට් තරග වැඩි ප්‍රමාණයකට දායක නොවුණත් බංගලාදේශය වෙනුවෙන් ඔහුට අවස්ථාව ලැබුණ ටෙස්ට් තරගවල දස්කම් දැක් වූ නයීම් මේ වන විට ශ්‍රී ලංකාවේ අවධානය යොමු නොවුණු රංගන හේරත් සමඟ දඟ පන්දු යන්නෙක් ලෙස ප්‍රගතිය ලබමින් සිටිනවා.මේ වසරේ ටෙස්ට් පිටියට කැඳවීම ලද පළමු ටෙස්ට් තරඟයේදී නායීම් ශ්‍රී ලංකා පළමු ඉණිමට එල්ල කළ පීඩනයත් සමඟ දෙවන ඉණිමේදී බංගලාදේශයට ජයග්‍රහණයටත් අවස්ථාවක් උදා වුණා.

නමුක් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් සිය අත්දැකීම් පාවිච්චියට ගනිමින් කඩුලුලේ රැදී සිටීමත්,ඒ වගේම කුසල් මෙණ්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ආරක්ෂාව වෙනුවට පීඩනයට එරෙහිව පීඩනය යන සංකල්පයේ සිට එල්ල කළ ප්‍රහාරයත් නිසා ශ්‍රි ලංකාවට පරාජයෙන් බේරීමේ ගෞරවය හිමි වුණා.එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවෙන් විශාලම බලපෑම එල්ල කරමින් නිවැරදි රිද්මයට පැමිණ සිටි නයීම් හසන් දෙවන ටෙස්ට් තරගයේදී දකින්නට නොලැබීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් වුවත් බංගලාදේශයේ දඟ පන්දු බල ඇනිය මෑත කාලයේ දක්වන දක්ෂතා අනුව නයිම්ට වඩා බලපෑමක් ඇත කරන දඟ පන්දු යවන්නෙක් දෙවන තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව හමුවන්නටත් ඉඩ තියෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...