සභාපතිට බැරිවුණ වැඩේ අධ්‍යක්ෂ ජනරාල් කරපු හැටි! ජාතික නාලිකාවේ තත්ත්වය මේකද?

Date:

කොළඹ LNW:අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත,අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අද (21) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.

අද දහවල් එකට පමණ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් විශේෂ රථ පෙරහැර කලපලුවාව ගෞතම තපෝවනේ සිට වැඩම කර වූ අතර මෙම ආදාහන පූජෝත්සවයේ මාධ්‍ය ආවරණය සහසජීව වික්ෂය සම්බන්ධයෙන් ජාතික නාලිකාව වන රූපවාහිනී සංස්ථාව තුළ යම් අර්බුදයක් මතුව තිබේ.

මූල්‍ය දුෂ්කරතාව හේතුවෙන් එම සජීව විකාශය රු.ලක්ෂ 06ක අවම වියදම හෝ නොලබා සිදුකළ නොහැකි අතර එම ගෙවීම සිදුකළ නොහැකි නම් කුමන හෝ නාලිකාවටකට එම සජීව විකාශය ලබා දීමේ විරුද්ධත්වයක් නොමැති බව රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයට හා බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ නමකගේ ආදාහන පුජෝත්සවය සතු ජාතික වටිනාකම පිළිබඳව ද නොසලකා හරිමිනුයි අදාළ දැනුම් දීම සිදුකර ඇත්තේ.

කෙසේ නමුත්, රූපවාහිනී සංස්ථාවේම අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත් වීම මත අදාළ සජීව විකාශය සහ ප්‍රචාරණ කටයුත්ත ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් භාරගෙන සිදු කර තිබුණ අතර අදාළ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සහ ප්‍රේක්ෂකයින් සිය පැසසුම ඒ වෙනුවෙන් යොමු කොට ඇත.

මේ අතර ආදාහන පුජෝත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියහ.

රුපවාහිනී සංස්ථාවේ සභාපතිගේ අත්සන සහිතව නිකුත් කරනු ලැබූ අදාළ ලිපිය පහතින් දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...