අතට අත දෙන්න පුරුදු වෙන්න …

Date:

දණගසා වැඳීම අපට උරුම උනේ වැඩ වසම් පරවේණියෙනි.. අඩු කුල මිනිසුන් රජු හා ප්‍රභූන් ඉදිරියේ දනින් වැටී වැඳ නමස්කාර කර පස්වාන් දහසකට බුදුවෙන්න යැයි කියා අවසර ගත යුතුව තිබින.. මෙහි කිසිදු ආචාර කර ගැනීමක් නොමැති අතර ප්‍රබලයාට යටහත් බයාදු බව පලකිරීම පමණක් පවතී…

සමස්තය පීඩක පීඩිත කුළක දෙකකට බෙදී තිබූ ඒ සමාජයේ ගුරු,ගෝල සඹඳතාවයද මීට සමානය..ගෝල පාර්ශවය දනින් වැටී වැඳ වැටෙන අතර ඇතැම් අවස්තාවල ගුරු පාර්ශවයෙන් ලැබෙන වේවැල් කසාය, කෝටුමස් කිරීම්ද ගෝලයා මුවින් නොබැන සාවදානව විඳ දරාගත යුතුයි.

මානව හිමිකම්, මානව ගරුත්වය, සමානාත්ම තාවය ගරුකරන සමාජයකට මෙයාකාර දනගැසීම් සහිත ආචාර සමාචාර නොගැලපේ..බටහිර විදියට මෙන් අතට අත දීම,දේශීය විදියට මෙන් මගුල්, අවමගුල් ගෙවල්වලදි කරන්නාක් මෙන් දෙදෙනාම මදක් නැමී එකිනෙකාට කරන වැඳගැනීම් වැනි ආචාර සමාචාර කරගැනීම් නූතන ලෝකයට ගැලපේ..

මොනම ඉතිහාසයක්වත් නැති ජාතීන්ට වඩා මොනයම් හො නෂ්ඨ ඉතිහාසයක් ඇති ජාතීන් අෆ්ඩේට් වන්නේ ඉතා සෙමිනි.බොහෝ විට යුග ගනන් එක තැන ලගී( සංකෘතික ලැග්ම) ඇමෙරිකාව ඉතාම වේගයෙන් දියුණුව කරා ගියේ පස්සට අදින්ට ඔවුන්ටම කියා ඉතිහාසයක් (ඇමරිකන් ඉතිහාසයක්)නැති නිසා බව කියවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...