ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළට නව එළියක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22, කොළඹ (LNW): ඊයේ (21) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, ශ්‍රම වෙළඳපොළ වඩා ඵලදායී සහ යථා තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකාවක් සඳහා වන විශේෂ හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂක ජොනී සිම්ප්සොන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් අවධානයට ලක් වූ අතර ඒ සඳහා වන ගෝලීය සාධක පිළිබඳව සාකච්ඡාවට ලක් වූ බව පැවසේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම සහ එහි පරිවර්තනීය උපාය මාර්ග සම්බන්ධයෙන් වන ප්‍රධාන දේශනය අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක් අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර මහතා විසින් සිදු කෙරුණු අතර , ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට ගෙන ඒම පිණිස උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අනතුරුව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...