දිල්ලියේ පාසල් වැසේ; උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.4 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.4 (F117F) දක්වා ඉහළ යාමත් සමඟ ගිම්හාන නිවාඩුව කලින් ලබා දී පාසල් වසා දමා ඇති බව වාර්තා වේ.

හින්දුස්ථාන් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද රජයේ නියෝගයකට අනුව, දින කිහිපයකින් වාරය කපා හැර උෂ්ණාධික උණුසුම හේතුවෙන් වහාම පාසල් වසා දැමු බව කියවේ. මිට අමතරව හර්යානා, මධ්‍ය ප්‍රදේශ්, පන්ජාබ් සහ රාජස්ථාන් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල ද මේ හා සමානව පාසල් වසා දමා තිබේ.

ඉන්දියාවේ කාලගුණ කාර්යාංශය මේ සතියේ නිවේදනය කර තිබුණේ, දැඩි තාප තරංග තත්වය ඉදිරියේදී ඇතිවනු ඇති බවටයි.

සඳුදා (20)දිල්ලි හි නජාෆ්ගාර් උපනගරයේ 47.4C ඉන්දියාවේ උපරිම උෂ්ණත්වය වාර්තා වූ අතර විශේෂයෙන්ම ළදරුවන්, වැඩිහිටි පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති අයගේ සෞඛ්‍යයට තාපයේ බලපෑම පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...

ආලෝකයෙන් මොළයේ සෛල පාලනය කරමින් 2026 නොබෙල් ත්‍යාගය දිනූ විප්ලවීය සොයාගැනීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ජීවමාන  මොළයක ක්‍රියාකාරිත්වය...