*
Sunday, June 16, 2024
spot_img

Latest Posts

බහමාස් ගොස් ඔලිම්පික් සුදුසුකම් සකසා ගත් ඉන්දියාව පරාජය කළ,බහමාස් යන්න බැරි වූ ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට මලල ක්‍රීඩා සභාපතිගෙන් සුබ පැතුම්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 22, කොළඹ (LNW): බහමාස් හී පැවති ලෝක සහය දිවීමේ තරගාවලියෙන් ප්‍රංශයේ පැරිස් නුවර පැවත්වෙන ඔලිම්පික් තරගාවලියට තරග කරන කණ්ඩායම් 16 න් 14 ක් ම තෝරා ගන්නා බව ලෝකයම දැන සිටියදී,කල් ඇතිව වීසා ලබා ගැනීමට ක්‍රීඩා පරිපාලනය අසමත් වීම ප්‍රධාන කොට එම තරගාවලියට සහභාගිවීම අහෝසි වූ මීටර් 400 පිරිමි ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම,බහමාස් තරගාවලියට සහභාගි වී ඔලිම්පික් සුදුසුකම් දිනා සිටින ඉන්දියාව පරාජය කරමින් පළමු ආසියාතික සහය දිවීමේ සූරතාවලියේ මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.


ඒ සම්බන්ධයෙන් මලල ක්‍රිඩා සංගමයේ සභාපතිවරයා සිය සුබ පැතුම් එක් කරමින් ඔලිම්පික් සුදුසුකම් ලබා සිටින ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව පෙන්වා දී ඇත.ඔහු පෙන්වා දෙන්නේ එම සහය දිවීමේ තරගයෙන් මීටත් වඩා හොඳ කාලයක් වර්ෂාව නොතිබිණිනම් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරනු ඇති බවය.
පහතින් දක්වා ඇත්තේ සභාපතිවරයා ඉංග්‍රිසි බසින් එක් කළ ඇති සුබ පැතීමයි.
Asian Champions extended their victory over India again at the inagural Asian Relay Championships in Bangkok.

Sri Lanka team started the race with Aruna Darshana in the first lap, Pasindu Kodikara in the second lap, Dinuka Deshan in the third lap and anchored by Kalinga Kumarage.

Amidst the adverse weather in Bangkok, Sri Lanka easily won over Paris Olympic qualifier India with a performance of 3:04.48. If the heavy rain would have stopped before the race Sri Lanka could have clocked a better time.

Congratulations team 4X400
පැරිස් ඔලිම්පික් නියෝජනයේ දී වඩාත් ම පහසුවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව තිබුණේ මීටර් 400 පිරිමි සහට දිවීමේ කණ්ඩායමට බව මේ සියලු ජයග්‍රහණවලින් ඔප්පුවෙමින් තිබුණත්,ලෝක සූරතාවලි තරග සහභාගීත්වය මඟ හැරිම නිසා මේ වන විට සහභාගීත්වය තහවුරු කර ගැනීමටනම්,ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම විනාඩි 2:59.12 ක කාලයකින් මේ ඉසව්ව නිමා කළ යුතුය යන අසීරු ඉලක්කය ලැබී ඇත.


මේ ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ කාලිංග කුමාරගේ පෞද්ගලික මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් නියෝජනය ලබා ගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින අතර මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සිටින මෙම ඡායාරූපය කාලිංග සිය පෞද්ගලික මිටර් 400 ඉසව්ව ජපානයේ සීකෝ ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ජයගත් අවස්ථාවේ ගත් එකකි.එය උපුටා ගත්තේ කාලිංගගේ පුහුණුකරු විමුක්ති ද සොයිසා,සීකෝ ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ ඔවුන් හා එක් වූ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සම්බන්ධයෙන් “අප දෙදෙනාටම ශක්තිය ලබා දෙන නෙරාල් පාලිත ප්‍රනාන්දු” ලෙස සඳහන් කර තිබූ සටහනක් සමඟ සිය මුහුණු පොතේ ප්‍රසිද්ධ කර තිබූ ඡායාරූප කිහිපයකින්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan