සටහන – රෂිකා හෙන්නායක
මැයි 22, කොළඹ (LNW): වාර්තාගත ලෙස ඉන්ධන අලෙවිය ඉහළ ගොස් ඇති බව ඉන්ධන බෙදුම්කරුවන් පවසති. ඒ වෙසක් සතිය ආරම්භ වීමත් සමග බව පැවසේ.
ඉන්ධන පරිභෝජනය මෙම දින කිහිපයේ ඉහළ යන බැවින් ඉන්ධන තොගද වෙනදාට වඩා ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් කටයුතු කර ඇති බව ඔවුන් පවසති.
මෙම වසරේ ආරම්භයේ සිට ඉන්ධන අලෙවිය පවතින්නේ ඉතාමත් පහළ මට්ටමක බවත්, යම්තාක් අලෙවියක් සිදුවූයේ සිංහල දෙමළ අලුත් අවුරුදු දින කිහිපයේ පමණක් බවද ඔවුන් කියා සිටී.
වෙසක් අවසන් වීමෙන් පසු නැවත ඉන්ධන අලෙවිය පෙර ලෙසම පහළ යන බව ඉන්ධන බෙදුම්කරුවන් වැඩිදුරටත් පවසා සිටී.