වසර 12කට පසු GMOA බල පෙරළියක්. පාදෙනිය කල්ලිය පියවරක් පසුපසට !

Date:

වසර 12කට පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කුප්‍රකට වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ කල්ලියේ පාලනයෙන් මිදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව පරිපාලනයකට ඉඩදෙමින් මෙවර GMOA නිලවරණය සඳහා තරග නොවදින බව පාදෙනිය මහතා ඇතුළු කණ්ඩායම දැනුම් දී ඇති බව සඳහන්.

ඡන්ද විමසීමක් පැවැත්වුණහොත් අන්ත පරාජයකට මුහුණ දීමට සිදුවන බව දන්නා නිසාම මොවුන් මෙසේ නිලවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

අනුරුද්ධ පාදෙනිය මහතා සභාපති ධුරය දැරූ සමය තුළ GMOA දැඩි ලෙස දේශපාලනීකරණය වූ අතර අවසාන කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීයක් ලෙස ජනතාවට පෙනී යන මට්ටමක් ඇති විය. එමෙන්ම ඔවුන්ගේ දැඩි උද්දච්ඡ ක්‍රියාකාරකම් නිසා GMOA සාමාන්‍ය ජනතාව අතර ඉමහත් අපකීර්තියකට ද පත්විය.

එමෙන්ම රටට අතිශය විනාශකාරී ඉරණමක් අත්කර දෙමින් තිබෙන රසායනික පොහොර තහනම පසුපස සිටි ප්‍රබලතම චරිතයක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා ක්‍රියාත්මක වූ ආකාරය රටටම මතක ඇත.

කෙසේවෙතත් පාදෙනිය කණ්ඩායමට සම්බන්ධ වී සිටි ඇතැම් වෛද්‍යවරුන් ද නව පරිපාලනයෙහි තනතුරු දරණු ඇති නමුත් වෙනසක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත හැකි තත්වයක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...