නව පද බයිලා 01: ඇන්ටන් ජෝන්ස්ගේ සමන් කුමාර තාලයට..

Date:

රජුන් කප්පරක් පාලනෙ කරපු දීපය
හැත්තැ හතර අවුරුද්දක් කෑව දේශය
මොකක්ද සිරි ලංකාවට වුණ විනාසය
පෝලිම්වල මැරෙනව අද රටේ උදවිය

ඡන්දෙ ගත්තෙ නං ජනයට වැඳල අවසර
මැතිසබයට ෂේප් එකේ තැබුව පියවර
ඒ වනවිට සල්ලි ටිකට හිටිය ඉවකර
මේ මොකවත් දන්නෙ නැද්ද ජනය සුමිතුර..
හැටනමලක්ෂයක් හිටිය එදා පිරිවර
තුනෙන් දෙකත් ගත්ත නේද වෙලා එඩිතර
විසිවෙනි සංශෝධනයත් අතට ගුලිකර
ඒ වුණාට මෙලෝ වැඩක් නෑනෙ සිදුකර

රජුන් කප්පරක්..

මුලින් කිව්වෙ අයි එම් එෆ් එකට නොයන්න
ජාතික සම්පත් ටික පණ වගේ රකින්න
පරණ වැරදි ආයේමත් නොකර සිටින්න
ඒ වෙනුවට සිද්ධ වුණේ කණපිට මෙන්න…
මුදල් ගසාකාගෙන සිරිලකට විනකර
පවුල් පාලනේ නැවතත් රටේ බිහිකර
රට ණය කර ජනයව බිත්තියට තද කර
උන් තාමත් මහපුටුවල නැතුව හිරිහැර

රජුන් කප්පරක්..

එන්න පුතේ රට හදන්න කියා බොරු වලේ
දානව නොදැනයි තාප්ප චිත්‍ර හැඩ කළේ
රැවටුණ බව දැනගත් පසු යන්න කී වෙලේ
නොයන නිසයි කොල්ලො කෙල්ලො තාම අරගලේ..
කිරට අඬන කිරිදරුවන් නොදුටු උදවිය
ඉන්ධන සහ ගෑස් ප්‍රශ්න නොදුටු මේ අය
අපෙ ඡන්දෙන් අයියෝ මේ රටට සෙට් විය
අපිමයි බැලුවම ගෙනාවෙ රටට සාපය

රජුන් කප්පරක්..

  • අඟුලානෙ කුමා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...