පීඩනය දරාගන්න බෑ – CIDය භාර නියෝජ්‍ය පොලිස්පතිගෙන් පොලිස්පතිට ලිපියක්

Date:

පවතින තත්වය හමුවේ එල්ල වන පීඩනය දරාගත නොහැකි හෙයින් තමන්ව වෙනත් ස්ථානයකට මාරුකරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මැයි 09 වෙනිදා සිදුවීම්වලට අදාළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයෙන් මෙසේ දරාගත නොහැකි මට්ටමෙන් පීඩනයක් එල්ලවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වය ගනිමින් මෙසේ CIDය වෙත පීඩනය එල්ල කරන්නේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් බවත් වාර්තා විය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ තොරතුරු මාධ්‍ය වෙත ලබාදුන්නේ ද CIDය තුළින්ම බව පවසමින් පොලිසිය තුළ CIDය පීඩනයට පත්කිරීමේ වෑයමක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මේ අතර සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එක් ආකාරයකටත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් වෙනස් ආකාරයකටත් CID හැසිරෙන බව පෙන්වා දෙමින් එම දෙබිඩි පිළිවෙත පසුගිය සතියේදී අධිකරණයේ ද දැඩි අප්‍රසාදයට සහ දෝෂාරෝපණයට ලක්ව තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...