ඉන්ධන ඉවර වුණැයි කෝපයට පත් පිරිසක් පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනිතියලා ??

Date:

ඊයේ (21) රාත්‍රියේදී කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලක හිමිකරුගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා අදාළ පිරවුම්හලට ගිය පිරිසක් එහි ඉන්ධන අවසන් වීමෙන් අනතුරුව කෝපයට පත්ව මෙසේ එහි හිමිකරුගේ නිවසට ගිනිතබා ඇතැයි සැක කරන බවයි ඉපලෝගම පොලිසිය පවසන්නේ.

මෙසේ ගිනිතබා ඇත්තේ ඉපලෝගම තිලකපුර ප්‍රදේශයේ පිහිටි නිවසකට ය. ඊයේ රාත්‍රියේ විදුලිය කප්පාදු කර තිබුණු අවස්ථාවේදී මෙම ගිනිතැබීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ පිරවුම්හල් හිමිකරුගේ බිරිඳ සහ දරු දෙදෙනා බව සඳහන්.

අසල්වාසීන් හා පොලිසිය එක්ව ගින්න නිවාදමා ඇති අතර පාසල් යන දරු දෙදෙනාගේ පොත්පත් සියල්ල මෙම ගින්නෙන් විනාශ වී ඇති බවත් එයින් එක් දරුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...