නව පද බයිලා 01: ඇන්ටන් ජෝන්ස්ගේ සමන් කුමාර තාලයට..

Date:

රජුන් කප්පරක් පාලනෙ කරපු දීපය
හැත්තැ හතර අවුරුද්දක් කෑව දේශය
මොකක්ද සිරි ලංකාවට වුණ විනාසය
පෝලිම්වල මැරෙනව අද රටේ උදවිය

ඡන්දෙ ගත්තෙ නං ජනයට වැඳල අවසර
මැතිසබයට ෂේප් එකේ තැබුව පියවර
ඒ වනවිට සල්ලි ටිකට හිටිය ඉවකර
මේ මොකවත් දන්නෙ නැද්ද ජනය සුමිතුර..
හැටනමලක්ෂයක් හිටිය එදා පිරිවර
තුනෙන් දෙකත් ගත්ත නේද වෙලා එඩිතර
විසිවෙනි සංශෝධනයත් අතට ගුලිකර
ඒ වුණාට මෙලෝ වැඩක් නෑනෙ සිදුකර

රජුන් කප්පරක්..

මුලින් කිව්වෙ අයි එම් එෆ් එකට නොයන්න
ජාතික සම්පත් ටික පණ වගේ රකින්න
පරණ වැරදි ආයේමත් නොකර සිටින්න
ඒ වෙනුවට සිද්ධ වුණේ කණපිට මෙන්න…
මුදල් ගසාකාගෙන සිරිලකට විනකර
පවුල් පාලනේ නැවතත් රටේ බිහිකර
රට ණය කර ජනයව බිත්තියට තද කර
උන් තාමත් මහපුටුවල නැතුව හිරිහැර

රජුන් කප්පරක්..

එන්න පුතේ රට හදන්න කියා බොරු වලේ
දානව නොදැනයි තාප්ප චිත්‍ර හැඩ කළේ
රැවටුණ බව දැනගත් පසු යන්න කී වෙලේ
නොයන නිසයි කොල්ලො කෙල්ලො තාම අරගලේ..
කිරට අඬන කිරිදරුවන් නොදුටු උදවිය
ඉන්ධන සහ ගෑස් ප්‍රශ්න නොදුටු මේ අය
අපෙ ඡන්දෙන් අයියෝ මේ රටට සෙට් විය
අපිමයි බැලුවම ගෙනාවෙ රටට සාපය

රජුන් කප්පරක්..

  • අඟුලානෙ කුමා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...