ආහාර අර්බුදය : ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල කඩිනමින් වගා කිරීමට තීරණයක්

Date:

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කටයුතු සඳහා යෙදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම අමාත්‍යාංශය සතු එවන් ඉඩම්වල ඒ ඒ ප්‍රදේශයට ආවේනික භෝග වගා කිරීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර පියවර ගන්නා ලෙසයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දැනුම් දී ඇත්තේ.

එමෙන්ම ආයෝජන සඳහා ලබාදී ඇති නමුත් මෙතෙක් භාවිතා නොකළ ඉඩම් ද යළි පවරාගෙන මෙසේ වගා කටයුතු සඳහා යෙදවීමට තීරණය කර ඇති බව සඳහන්.

ඉදිරියේදී ඇති වියහැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන ගණනක ආධාර සැපයුම් අවහිරයි:ආධාර කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවකගෙන් ඊශ්‍රායලයට චෝදනා!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ සාගතය...

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...