සිසුන් වෙනුවෙන් හෙට බස් දුවනවා. මාර්ග අවහිර කරන්න එපා – ගැමුණුගෙන් ඉල්ලීමක්

Date:

පවතින බරපතළ ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවත් හෙට (23) දිනයේදී පෞද්ගලික බස් රථ වෙනසකින් තොරව සුපුරුදු පරිදි ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට අපහසුතාවකින් තොරව ගමන් කිරීම සඳහා මෙසේ අර්බුදය මධ්‍යයේ වුවත් බස් ධාවනය කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව දිවයින පුරා පෞද්ගලික බස් රථ 8000 කට ආසන්න සංඛ්‍යාවක් හෙට දිනයේදී ධාවනය කිරීමට උත්සාහ ගන්නා බව පැවසූ ඒ මහතා මාර්ග අවහිර නොකරන ලෙස ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...