ජනපතිගේ ජපන් සංචාරයෙන් පසු තවත් තනතුරු මාරු කිහිපයක්

තවත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ඇතුළු තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් නුදුරේදීම සිදුකිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව මෙම පත්කිරීම් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා මේ සතිය තුළ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

ඒ අනුව, ආණ්ඩුකාර ධුර ඇතුළු තනතුරු බලාපොරොත්තුවෙන් සිටින කිහිපදෙනෙකු ද මේ වනවිට මහත් උනන්දුවෙන් යුතුව ජනාධිපතිවරයාගේ එම සංචාරය නිමවන තුරු බලාසිටින බවත් වාර්තා විය.

RN