ජීවිතයේ වටිනාම කාලයේන් වසර 14 ක් බන්ධනාගාරයක රැඳවුම් නියෝග මත රඳව සිටි සිවලිංගම් ආරූරන් ඔහුට එරෙහිව නගා තිබූ සියළු චෝදනවන්ගෙන් නිදොස් කොට නිදසක් කර තිබේ. සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත වනුයේ 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ සමයේදී ඔහුට පිත්තල හන්දියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැක කරුවෙක් ලෙසය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසූයේ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත්ය.
2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ වසර 14 කට අධික කාලයක් රඳවා සිටියේය.
ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා 2013 වසරේදී ඔහුට එරෙහිව නඩු පැවරූවේය. විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි. විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී ප්‍රතික්ෂේප මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පැවසූයේ විත්තිකරු සහකාර පොලිස් අධිකාරී වරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට අධිකරණය විසින් තීන්දු කළ බවය.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වූ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව වෙනත් සාක්ෂි නොමැති බවය. තවදුරටත් විත්තිකරුට එරෙහි නඩුව පවරා පවත්වාගෙන යෑමට නීතිපතිවරයා අදහස් නොකරන බවය
මීට 14 වසරකට පෙර අරූරන් අත් අඩංගුවට පත්වූයේ 29 හැවිරිදි වියේ සිටියදීය. 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් අරූරන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය. ජිවිතයේ හොඳම කාලයේ වසර 14 ක් රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගතව සිටි ඔහු නිදහස ලබනා විට 43 වැනි වියේ පසු විය.
අරූරන්ට සිය යොවුන් වියේ සපුරාගතව තිබූ සියළු ඉලක්ක අහිමිව යන ලදි. එපමණක් ද නොව සිය පවුල වෙනුවෙන් ඉටු කළ යුතුව තිබූ යුතුකම් කිසිත් ඉටු කිරීමට ඔහුට නොහැකි විය . ඉංජිනේරු වෙකු ලෙස අත්පත් කරගත හැකිව තිබූ සියළු වෘතීය කුසලතාවන් සියල්ල ඔහුට අහිමි විය. අවසානයේ සාක්ෂි නැති නිසා අරූරන් නිදහස ලැබූවේය. ඔහුගේ ජීවිතයෙන් උදුරාගත් වසර 14 වෙනුවෙන් ඔහුට ගෙවනා වන්දිය කුමක්දැයි සිහිබුද්ධියෙන් සිතිය යුතුය.
අරූරන් නිදහස ලැබූවද මේ නින්දිත ත්‍රස්තවාදය වැලැක්විමේ පණත නිසා බන්ධනාගාර ගතව දුක් විඳිනා මිනිසුන් විශාල ගණනක් සිටී . මේ අයට සාධාරණය ඉටුවන්නේ කවදාදැයි කිසිවෙකුටත් පැවසිය නොහැක. සීලාචාර සමාජයක් ලෙස මෙයට ලබදිය හැකි හොඳම විසඳුම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමය.
අරූරන් සිරගතකළද ඔහුගේ සිතුවිළි සිටගත කරන්නට කිසිවෙකුටත් නොහැකි විය. බන්ධනාගාරගතව සිටි කාලයේ ඔහු ලේඛකයෙක් ලෙස සිය කුසලතාව දියුණු කරගත්තේය. එම කාලයේ දෙමළ භාෂාවෙන් කෘති 07 ක්ද සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කරන්නට ඔහු සමත් විය . 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත්වූයේ ඔහු විසින් රචිත ‘ආදුරසාලයි’ නව කථාවය. ඊට අමතරව 2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේද ඔහුය.
