ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය යුතුයි – මහ බැංකු අධි­ප­ති

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): මෙරට සිදුවන මූල්‍ය වංචා­ව­ලින් සහ මූල්‍ය අප­යෝ­ජ­න­ව­ලින් ජන­තාව ආරක්ෂා කර ගැනී­මට නම් ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති, ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.ඔහු මේ අද­හස් පළ කළේ කොළඹ කොටුව මහ බැංකු මූල­ස්ථා­නයේ පැවති මෙරට මූල්‍ය සාක්ෂ­ර­තාව පිළි­බ­ඳව මාර්ගෝ­ප­දේ­ශක සංග්‍ර­හය එළි­දැ­ක්වීමේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක් වෙමිණි.

මහ බැංකු අධි­ප­ති­ව­රයා තවදුරටත් පැවසූවේ,

“මූල්‍ය සාක්ෂ­ර­තා­වෙන් මූල්‍ය ආය­තන නියා­ම­නය කිරීම වෙනු­වට එම ආය­ත­න­ව­ලින් අවශ්‍ය සේවා විනි­වි­ද­භා­ව­යෙන් යුතුව සහ කාර්ය­ක්ෂ­මව ගැනීම සඳහා පාරි­භෝ­ගි­ක­යන්ට අව­ස්ථාව සැල­සෙ­නවා. මූල්‍ය සාක්ෂ­ර­තා­වය රට පුරා ප්‍රව­ර්ධ­න­යෙන් පාරි­භෝ­ගි­ක­යන්ට තමන්ට තමන්ව මූල්‍ය වංචා­ව­ලින් සහ මූල්‍ය අප­යෝ­ජ­න­ව­ලින් ආරක්ෂා කර­ගැ­නී­මට අව­ස්ථාව ලැබෙ­නවා.

මූල්‍ය සාක්ෂ­ර­තාව ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් ජන­තා­වට අනා­ග­තය වෙනු­වෙන් ඉතිරි කිරී­ම­ටත්, නව ආයෝ­ජන අව­ස්ථා­ව­ලට ප්‍රවේ­ශ­වී­ම­ටත්, ඔවුන්ගේ මූල්‍ය කට­යුතු යහ­පත්ව කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­ම­ටත් හැකි­යාව ලැබෙ­නවා. මේ මාර්ගෝ­ප­දේශ සංග්‍ර­හ­යෙන් ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන්ට මඟ­පෙ­න්වී­මක් දෙනවා. එප­ම­ණක් නොවෙයි අපේ රටේ ජන­තා­වට යහ­පත් සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් අනා­ග­ත­ය­කට මඟ­පෙන්වා දෙනවා. මූල්‍ය සඳහා වන ප්‍රවේ­ශය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හන ශ්‍රී ලංකා රජය සමඟ තව­දු­ර­ටත් එක්ව කට­යුතු කිරී­මට සූදා­නම්. මම ඒ බව අව­ධා­ර­ණය කරන්න කැම­තියි.” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...