*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අලුත් බොක්සිං පරිපාලනයෙන් මාධ්‍යවේදින්ට ලිවීම ගැන පාඨමාලාවන් ද එන ලකුණු

සටහන – නිශ්මං රණසිංහ

මැයි 23, කොළඹ (LNW): ශ්‍රී ලංකා බොක්සිං නිලවරණයෙන් නව සභාපතිවරයෙක් තේරී පත් විණි.ඒ සම්බන්ධයෙන් අපේ සටහනට පහතින් පිවිසෙන්නට හැකිය.
https://sinhala.lankanewsweb.net/05/22/112614/
මෙම සටහන ගැන ප්‍රශ්න කරමින් අමිල අරවින්ද තිසේරාගේ ජංගම දුරකථනයෙන් මා ඇමතූ නාවික හමුදාවේ හිටපු බොක්සිං පුහුණුකරුවෙක් යැයි කියා ගත් අයෙකු මා බොක්සිං ගැන ලිවිය යුතු ආකාරය පැහැදිළි කළේය.නව සභාපතිවරයාට අප සුබ පැතීමේ සටහන අවසාන කර ඇත්තේ මේ ආකාරයෙන්ය.
//අනුරුද්ධගේ පන්ච් එකේ ශක්තිය වැඩි වෙන්නටනම් මිස් කර නොගත යුත්තේ ඊට ශක්තිය වැඩි වැඩියෙන් එකතු වෙන ලෙස වැඩි මාර්ග ගණනාවක් ජයග්‍රහණය වෙනුවෙන් ඇති කර ගැනීමය.ඊට අවශ්‍යය දැණුම,පරිකල්පනය මෙන්ම කළ හැකි බවට වන ආත්ම විශ්වාසය ද ඉහළින්ම දැනේවා යන්න අනුරුද්ධගේ නව තනතුරට සුබ පතමින් අපි ලියා තබන්නෙමු.//


සභාපති ධූරයට පත් අනුරුද්ධ ද,ලේකම් තනතුරට පත් නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න ද ජයග්‍රහණයෙන් පසුව සියල්ලට එකතු වන ලෙස ආරාධනා කරන්නේය.හිටපු ජාතික බොක්සිං නායකයෙක් වන ලේකම් සමන් ගුණරත්න පවසන්නේ ඔවුන්ගේ කාලයට වඩා තාක්ෂණික වශයෙන් දියුණු පරිසරයත අද බොක්සිං පවතින බවත්,මේ අත්දැකීම් සහිතව ඩයන් ගෝමස් වැනි පුද්ගලයන්ට බොක්සිංවලට තව දුරටත් උදව් කරන ලෙස තමන් ආරාධනා කළ බවත්ය.
ඔවුන්ගේ අදහස් දැක්වීම යූටියුබ් චැනලයකින් ප්‍රචාරය වී තිබූ අතර පහත දැක්වෙන්නේ එම අදහස් දැක්වීමට පිවිසෙන මාර්ගය ය.
https://www.youtube.com/watch?v=GqA59X2GMuw
“අලුතින් ලියන්න… පැන වීසි කරන්න ඉස්සෙල්ලා තීන්ත තියෙනවද බලන්න” අප තැබූ සටහනේ උධෘතය එබඳු විය.එහි අදහස කෙනෙකුට තමන්ගේ දැණුමට,භාවිතාවට සාපේක්ෂව වෙනස් අර්ථයක් ගත හැකිය.එහෙත් අලුත් වීම වගේම පරණ පෑණෙන්ද ලිවිය හැකි අවාසන බිංදුව තෙක්ම ලිවිය යුතුය.
//මේ වන විට ලංකාවේ බොක්සිං පහළට බැස ඉහළට නැඟෙන්නට අවශ්‍යය හිනි පෙළ යම් මට්ටමකට සවිමත්ව සකසා තිබෙන බව පැහැදිළිය.ඒ අතර වැදගත්ම හෙට ගැන සිතා සකසා තිබෙන යොවුන් සංචිතය.එසේම අලුතින් පාසල් පද්ධතියට හඳුන්වා දී තිබෙන එල්.වී.ජයවීර තරගාවලිය වැනි තරගවල අලුත් හැඩය ය.


ඒ වෙනස්කම් පොහොසත් කරනු විනා උස්සා පොළවේ ගසා අලුත් සැකසීම්වලට යාම නොවිය යුතුය.වෙනස් කළ යුතුය මෙන්ම ඉවත් කළ යුතුය යනුවෙන් හිතෙන,දැනෙන මෙන්ම පෙළඹවීම් සිඳුවන සියලු දේවල් ගැන එක වරක් දෙවරක් නොව සිය වරක්වත් සිතන්නේනම් වැදගත් වනු ඇත.එසේම අලුතින් පටන් ගැනිම යනු තිබෙන සියල්ල වෙනස් කිරීම ද නොවන බව මෙනෙහි කළ යුතුය.සමහර විට තිබෙන දේවල්වලටම අලුත් පෙණුමක් දීම,ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වඩා යහපත් විය හැකිය.//
මේ අදහස හිටපු නාවික හමුදා පුහුණුකරුවා යැයි කියූ පුද්ගලයාට තදින්ම දැනී තිබුණ දෙයකි.නව බොක්සිං ලේකම්වරයා තමන් බොක්සිං කරන සමයට වඩා මේ මොහොතේ තිබෙන තාක්ෂණික දියුණුව ගැන කියන දේ මේ අදහස් දැක්වීමේ අපට දැනෙන හැටියට ලියා තිබෙන්නේ මේ ආකාරයටය.
// මේ වන විට ලංකාවේ බොක්සිං පහළට බැස ඉහළට නැඟෙන්නට අවශ්‍යය හිනි පෙළ යම් මට්ටමකට සවිමත්ව සකසා තිබෙන බව පැහැදිළිය.//


අපට හැඟෙන පවතින හොඳ ගැන කියන අතරේම අප යෝජනා කරන්නේ ඒවාම මිටි බැඳ එලෙසම පෙරට රැඟෙන යාමට නොවේය.
// එසේම අලුතින් පටන් ගැනිම යනු තිබෙන සියල්ල වෙනස් කිරීම ද නොවන බව මෙනෙහි කළ යුතුය.සමහර විට තිබෙන දේවල්වලටම අලුත් පෙණුමක් දීම,ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වඩා යහපත් විය හැකිය.//
මේ අදහස පිළි නොගන්නේනම් වෙනස් ක්‍රියාමාර්ග ගැන සිතිය හැකිය.එහෙත් අලුත්ම දේ ගෙන එන අතරේම පවතින දේ පියවරකින් ඉදිරියට තල්ලු කිරීම වැනි කාරණා ක්‍රියාවට නැඟීම වටින්නේය.අප එල්.වී.ජයවීර ගැන සටහන ගැන කියන්නට පුහුණුකරුවෙකුට තිබිය යුතු බොක්සිං දැණුම අවශ්‍යය වන්නේ නැත.මේ සමාජ යාන්ත්‍රණයේ පාසල් පද්ධතිය සහ ආර්ථිකමය පරිසරයට සාපේක්ෂව ගත් විට පාසලකට සෘජුව කණ්ඩායමක් එවැනි තරගාවලියක් සඳහා කණ්ඩායමක් රැඟෙන ඒම දුෂ්කරය.එය ක්‍රියාත්මක වන ප්‍රදේශය පටු වීම යනු අවස්ථාවන් පහසුවීමය.එවිට වැඩි දෙනෙකුට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමේ ඉඩ හා එයින් වඩාත් දක්ෂයාට තව ගමණකට හැඳෙන ඉඩ වැදගත් වනු ඇත.


ඊට වඩා දියුණු අදහසක් ඇත්නම් එය ක්‍රියාත්මක වන මොහොතේ දී අපට ඒ ගැන කතා කරන්නට ඉඩ ඇති අතර දැනට පෙනෙන සහ තිබෙන දේ ඒ ආකාරයෙන්ම ප්‍රයෝජනයට නොගත්ත ද,ප්‍රතිසංස්කරණවලට ලක් කර භාවිතයට ගැනීමේ වැදගත්කම අපි කියා ඇත්තෙමු.
ඒවා අමිල තිසේරාගේ ජංගම දුරකතනයෙන් කතා කළ පුහුණුකරුවාට අනුව නව සභාපතිවරයා රැගෙන එන්නට මුල් වූ පුද්ගලයා ලෙස එහි අයිතිය සටහන් කර ගත් අයට අනුව අප නො’ලිවිය යුතු දේ ය.අප එම සටහනේ එක තැනෙක මෙසේ ලියා ඇත්තෙමු.


// විටෙක බොක්සිං වෙනුවෙන් කරන මැදිහත්වීම්වල ප්‍රමාණයේ වර්ගපලයෙන් අනිත් ක්‍රීඩාවල යථා රූපය වැසී යන වෙලාවක අපේ අකුරු ඩයන්ට එරෙහිව මෙහෙයවීමු.ඔහු ඒවාට මුහුණ දුන් නිහඬ,නිහතමානී පිළිවෙත හරහාම බොක්සිං ගැන ඇති ලැබෑඳි පෙම අපිට පෙන්නුවෙමු.හැල්මේ එහෙත් ආක්‍රමණික ලෙස සහ උපායශීලී ලෙස ගෙවුණු වසර විස්සකට මදක් වැඩි කාලය තුළ,ලංකාවේ බොක්සිං පිළිබඳ සාක්ෂරතාවයේ වැඩිවීම ගැන නිවැරදි ගණනය කරන්නෙකුට,මේ නිලවරණවනවල රැලි ගසා එන කැමත්ත,සහ සංවිධානයවීම්වල පිටුපස කොයි අතට බෙදුණ ද,ඒ බෙදීමේ සහ දිනීමේ බලය නිර්මාණය කළ හැකි මාවත කපා,සකසා දීමේ මුල් පස් පිඩැල්ල කැපුණේ ඩයන් අතින් බව ඉතිහාසය පැහැදිළි කරනු ඇත.//
අප මෙහි ඉහළින්ම ලියා ඇත්තේ ඩයන්ට එරෙහිව ලියූ විට ඔහු හැසුරුණු ආකාරය ය.


නාවික හමුදා හිටපු පුහුණුකරුවා කියන හැටියට නිලවරණයෙන් පරාජය වූ වසන්ත සහ මා එක පාසලේ වීම නිසා ඉහත සටහන අනුරුද්ධගේ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කිරිමේ අරමුණෙන් තැබූ එකක්ය.මම ඉගෙනගත් පාසලට ගරු කරන්නෙමි.එහෙත් වසර තිස් ගණනකට පෙර මා පාසලෙන් ඉවත් වී මගේ වගකීම ජාතිකමය එකක් බව තේරුම්ගෙන ක්‍රියා කරමින් සිටිමි.නැවත පාසලට ලඝු වී ඒ ගැනම වෙහෙසීමට වඩා පාලකට සතුටු විය හැක්කේ පාසල ද විවේචනය කළ හැකි ජාතිකමය වශයෙන් තමන්ගේ වෘත්තීය මෙහෙයවන්නෙක් වූ විටය.ඒ නිසා මා ඒ වගකීම නොවෙන තැන පාසලේ ක්‍රියාකාරිත්වයද මගේ මාධ්‍ය භාවිතාව සහ වගකීම තුළ විවේචනය කර ඇත.වෙනත් පාසල්වල ක්‍රියාකාරිත්වය ඉහළින් තබා ඇත.එ් සම්බන්ධයෙන් ඔබ ඇමතුමට සම්බන්ධ වූ දුරකතනයේ හිමිකරුටම අත්දැකීම් ඇත.එසේම ඔහු ද,වසන්ත ද අප ඩයන් සම්බන්ධ විවේචන ගෙන එද්දී ඩයන් යටතේ,ඩයන් විසින් මාස් වෙත බඳවාගත් සේවකයින් සේ ඒවාට කැමත්තක් දැක් වූයේ නැත.


තමන් විසින් රැකෙන තැන විවේචනය කරන විට එයට අකමැති වීම අපේ රටේ සාමාන්‍ය තත්ත්වය ය.එසේ කුමන හෝ සම්බන්ධයක් සකසා ගෙන පිරිසක් විරුද්ධවාදීන් ලෙස උපකල්පනය කර ගැනීම ද අපේ සංස්කෘතියේ එන දුබලතාවක්ය.ඒ නිසා අප සුබ පතා ලියූ ලිපියට උගත් පාසල සහ වෙනත් සබඳතා ආදිය මිශ්‍ර කර ගනිමින් දකින විට ඇතිවන තත්ත්වයට අප වගකිව යුතු නැති අතර ඒ කිසිවක් සම්බන්ධ කර නොගෙන කියවීමට හැකි තරමට අත්දැකීම්වලින් මුහුකුරා ගිය දවසක ඒ සටහන නිවැරදිව කියවා ගැනීමට හැකි වනු ඇත.


මා සම්බන්ධයෙන් කිව යුත්තේ මා පාසලෙන් අස් වී ඇත.එසේම ආයතන ද අපේ මාධ්‍ය භාවිතාවේ වගකීම පටු කරන්නට වන තැන්වලදී වෙනස් වී ඇත.ඒ පළල් තැන සිට සිතන විට ජාතිකමය වශයෙන් වන බොක්සිං ක්‍රීඩාවක් වෙනුවෙන් අනුරුද්ධට සුබ පතන්නට කිරි පැණි වෙනුවට ගමණේ කටුක ඇත්ත සමඟ වන සටන පිළිබඳ ඉඟියක් දීම වැදගත්ය.අපේ අදහස රසවත් නැති වෙන්නට ඇත.එහෙත් හරවත් ගමණකට වැදගත් වනු ඇතැයි සිතෙන නිසා ලියා ඇත.එහි ආකෘතිය සහ අන්තර්ගතය කෙසේ විය යුතු ද යන්න වසර විස්සකට ආසන්න ඩයන්ගේ බොක්සිං විවේචන සම්බන්ධයෙන් ඔහු කිසිදාක කියා නැති වුව ද,භාවිතා කළ දුරකතනය හිමිකරුවා දන්නේය.ඒ නිසා ඩයන්ගේ සමයේ නොවුණු,පළමුවරට අනුරුද්ධ බොක්සිං සභාපති තනතුරට ගෙනෙන්නට මුල් වූ පුද්ගලයා තමන් ලෙස හඳුන්වා ගනිමින් අයෙක් ලිවිය යුතු ආකාරය පැවසීම දරුණු අනතුරු හැඟවීමකි.හෙට තවත් මාධ්‍ය වෙත එල්ල විය හැකි අනතුරකි.


අමිල මෙන්ම පරාජයට පත් වූ වසන්ත ද ඉදිරිපිට ඩයන් ගෝමස් පවසා ඇති කතාවක් මෙහි ලියා තැබිය යුතුය.ඒ ෂමෙල් අමිත් සහෝදර මාධ්‍යවේදියා සහ මා ගැන ඔහු පවසන දෙයක්ය.


“මගේ දරුණුම විවේචකයින් දෙදෙනා ෂමෙල් සහ නිශ්මං ය.ඒ දෙන්නාම තමයි හැබැයි මට බොක්සිං ගමණට ගොඩක් අදහස් දුන්නෙත්.”


ඒ නිසා අපට කිසිවෙකුත් හුරතල් කරපු අතීතයක් නැත.විවේචනය කරන්නේ විනාශ කිරීමට නොවේය.එය ආශිර්වාදයක් ලෙස ගැනීමේ බුද්ධිය විසින් අත් කර දෙන්නේ යහපත් ප්‍රතිපලය.


“ඔයා දන්න බොක්සිං එකක් නැහැනෙ අයියෙ.ඒ නිසා මේක අහන්න”


අමිලගේ දුරකතය එහා කෙළවරින් මතුව ආ ඒ උද්ධච්ඡ ස්වරය ගැන දුකක් නැත.තැබූ සටහනේ අදහස එයින් ගම්‍ය වන්නේය. තමන් ගෙනා බොක්සිං සභාපතිවරයාට දැන් බොක්සිං අයිති බවත්,ඒ අනුව බොක්සිං ගැන තමන්ට දැනෙන රුචි වෙනදේ පමණක් ලිවිය යුතු බවත්,එය සුහද තර්ජනයක් බවත් පැහැදිළිය.අප අනුරුද්ධගේ සුබ පැතීමේ සටහනේ වියත් මඟ ගැන ලියන්නේ මේ පොළව දේශපාලන අර්ථයෙන් කියවා නොගෙන සූක්ෂම නොවන්නෙකුට සාර්ථක විය නොහැකි බව විශ්වාස කරන බැවිනි.සෑම විටම සාර්ථකත්වය තිබෙන්නේ ගලා යන ප්‍රවාහයට පිටින් වැඩ කරන නැතිනම් උඩුඟං බලා යන මිනිස්සු තුළ ය.

“මොකටද මේ ආටිකල් එකට ගෝටාබය ගෙනාවෙ.වියත්මග ගැන ගෙනාවෙ.මේකට දේශපාලනය ගේන්න ඕනි නැහැනෙ.”


ඔහු එසේ කියා තවත් තැනක මෙසේ කියන්නේය.
”මම තමයි මෙයාව ගෙනාවෙ.මට ක්‍රීඩා ඇමතිතුමා තමයි ගේන්න කිව්වෙ.”
එතකොට එතැන දේශපාලනය කමක් නැත.තවත් අතකින් මේ සිඳුව ඇත්තේ එසේනම් දේශපාලකයෙකු විසින් පුද්ගලයෙකු මෙහෙයවා ඔහු හරහා බොක්සිංවල පාලනය වෙනස් කිරීමට කටයුතු කිරීමය.මේ අමාත්‍යවරයා වත්මන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නොවේය.හිටපු රොෂාන් රණසිංහ ය.
ඔහු මට ගිනියාව ගැන ද කියා දෙයි.ගිිනියාවේ බොක්සිං ගැන ද පවසයි.ඔහු පවසන්නේ බටහිර අප්‍රිකාවේ ප්‍රංශ ආභාෂය සමඟ ක්‍රියාත්මක ගිනියාව නම් එය තවමත් හරියට ගෝත්‍රික තත්ත්වයෙන් නොමිදි රටකි.2000 වසරෙන් පසුව එරටින් ඔලිම්පික් නියෝජනය සඳහා බොක්සිං ක්‍රීඩකයෙක් නිර්මාණය වී නැත.ලෝකයේ කාන්තා ලිංග ඡේදනය අතින් ලොව දෙවැනි රට වන්නේ ගිනියාවය.ඒවාද ප්‍රමිතියකට සිඳු නොවන මොට ආයුධ මඟින් කරන ඒවාය.සෞඛ්‍යමය තත්ත්වය ඉතා පහළය.සියයට 80 ක් පමණ භාවිතා වන්නේ ව්‍යාජ ඖෂධ බව ජාත්‍යන්තර තොරතුරුවලින් පැවසෙයි.කළු සල්ලි ආයෝජනය වන රාජ්‍යයකි.මත් ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රීය රටකි.දුප්පත්කම සහ නූගත්කම බහුල වන්නේ රටේ පාලන බලය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඇති විය හැකි හමුදාමය ආක්‍රමණ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී කාරණාවලට පටහැනි දේ නිසාය.පැනවී ඇති ආර්ථික සම්බාධක සහ දේශපාලන වශයෙන් දුරස් කිරීම් ද ඇත.


ගිනියාවට සාපේක්ෂව ගත් විට තවමත් ශ්‍රී ලංකාවට ඔවුන්ට වඩා සාක්ෂරතා ඥාණයක් සමඟ උගත් අධ්‍යාපන පසුබිමක් සහිතව ක්‍රමෝපායන් සහිත දියුණු පරිසරයක් ඇත.ඒ නිසා බොක්සිංවලට ආදරය කරන මිනිස්සු සමඟ පෙරට යන්නට අලුත් සභාපතිට සහ ලේකම්ට දැනෙන හැඟීම වැදගත්ය.සමස්ත ක්‍රීඩාව ගැන ප්‍රාඥයෙකු වන යෝගානන්ද විජේසුන්දර මීට දශක එක හමාරකට පෙර කියූ හැටියට අඩු බර පංතිවල බොක්සිං ඉසව්වලින් ශ්‍රී ලංකාවට ලෝකට ජය ගැනීමට පහසුය.අවශ්‍යය සැළසුම්ය.ඒවා බොක්සිංම විතරක් නොවන අපේ පොළවේ මිනිසුන් තුළ පිහිටි ජවය,ශක්තිය ආදී බොහෝ කාරණාවන් හී ජානමය අනන්‍යතාවයන් ද තෝරා ගෙන ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහනකි.
සමහර විට යෝගානන්දයන් හිටියත් බොක්සිං දන්නවාද කියා අදහසක් කී විට අසන අය සමගනම් ගමන පහසු නැත.


ලෝකයේ ක්‍රීඩාව පවතින්නේ සංස්කෘතියක් හැටියටය.සෑම ක්‍රීඩාවකම ප්‍රවර්ධනය සහ ශක්‍යතා වර්ධනයට ඒ සංස්කෘතික බලපෑම වැදගත් වන්නේය.බොක්සිං හී දියුණුව පවතින්නේ බොක්සිං ගහන්න දන්න පුහුණු කරන්න දන්න මිනිස්සු අතේ නොවේය.
බොක්සිං ශිල්පීය ක්‍රමයක් ගැන කියා දෙන්න පුහුණුකරුවෙක් හෝ වෙනත් දේශකයෙක් යොදා ගන්නා ඡායාරූපයක ඡායාරූප ශීල්පියා බොක්සිං ගසා නැත.එහෙත් ඔහු භාවිතාවෙන් සහ බොක්සිං සමාජය ඇසුරෙන් හරියටම ඒ ශීල්පීය ක්‍රමය ගැන අවබෝධයෙන් ගත් ඡායාරූපයක් වන්නට ඇත.
මේ උදාහරණයක් පමණි.නැවතත් කියන්නේ නව බොක්සිං සභාපතිවරයාට සුබ ගමණක් යන්නට ජය ගමණක් යන්නට “පන්ච් එක මිස් නොකර හරියටම කනෙක්ට් කරගන්න” කියා ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan