රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව විවෘත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW):සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්‍ය ඔසුසල ශාඛාව විවෘත කරණු ලැබීය.

එමඟින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මෙහි ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයක් වේ.

1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා තිබෙන අතර, ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පළමු ඖෂධ මිළදී ගැනීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිදු කළ අතර, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ රුව සහිත ඡායාරූපයකට උපහාර පිඳීම ද සිදු කෙරුණු බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සඳහා...

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...