(VIDEO):යුක්තිය මෙහෙයුමේදී භාර වුණු 20ක් ඝාතනය කරලා – මන්ත්‍රී කිරිඇල්ලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

Date:

කොළඹ LNW:යුක්තිය මෙහෙයුමේදී පොලීසියට භාර වූ පුද්ගලයින් 20 ඝාතනය වී තිබෙන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලීසියට භාරවන්නේ ආරක්ෂාව වෙනුවෙන් වුවත් සිදුව ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දේ බවටයි කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ.

පොලීසිය තුළ දී එලෙස ඝාතනය වන විට මානව හිමිකම් ගැන ජාත්‍යන්තරයට උත්තර දෙන්නේ කෙසේද යන්න හෙතෙම විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් විමසීමක් කළ බවත් එවැන්නක් සිදුව නැති බවත්ය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...