හිටපු මහ බැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම තවත් දීර්ඝ වෙයි!

Date:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන තහනම ලබන මස 25 වැනිදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දීර්ඝ කර තිබේ.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය පනවා ඇත්තේ.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත දන්වා තිබුණද අද දින ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට දැනුම් දුන්නේ මීළඟ දිනයේදී සිය සේවාදායකයා අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.

2006 වසරේ සිට 2015 කාලය දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කර ඇති අවදියේ අමාත්‍ය මණ්ඩලයේ හෝ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ සුබේරි නැමැත්තෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීම,මෙම වසරේදීද මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පසුගිය ජනවාරි 18 වැනිදාට කල්පිරිය යුතු ස්වෛරී බැඳුම්කර තුළින් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 500ක පාඩුවක් සිදුකිරීම,මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය සමීප ඥාතීන් තනතුරු සඳහා පත්කර රහස්‍ය තොරතුරු පිටකිරීම හරහා භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුතු වලින් රු. බිලියන 10.04ක පාඩුවක් සිදුකිරීම යන චෝදනා අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොණු කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...