පල්ලේගම හේමරතනට වඩා බෙල්ලන පඥ්ඥාලෝක දේව ධර්මය උගත්තෙකි

බුදු දහමේ ‘දේව ධර්මය’ ලෙස හඳුන්වන්නේ ‘හිරි’ සහ ‘ඔත්තප්ප’ යන ගුණ දෙකයි. ‘හිරි’ යනු වැරදි කිරීම පිළිබඳ අභ්‍යන්තර ලජ්ජාව වන අතර, ‘ඔත්තප්ප’ යනු අකුසල් ක්‍රියාවල අනිසි ප්‍රතිඵල ගැන ඇති ගරුබියයි. මේවා ‘ලෝකපාල ධර්ම: ලෙසද හඳුන්වන්නේ සමාජය යහපත් ලෙස පවත්වා ගැනීමට උපකාරී වන බැවිනි. ‘දේවධම්ම ජාතකය’ මේ සංකල්පය විෂයයෙහි එන පැහැදිලිම නිදසුන වන අතර දේව ධර්මය යනු මිනිසාගේ විනය, සදාචාරය සහ සමාජ සාමය ආරක්ෂා කරන මූලික බෞද්ධ සංකල්පයක් ලෙස සැලකේ.

නුගේගොඩ ශ්‍රී විමලාරාමයේ වාසය කළ බෙල්ලන පඥ්ඥාලෝක නම් භික්ෂුව 2001 වසරේ දී විහාරස්ථානය තුළ පැවැත් වූ උපකාරක පන්තියකට පැමිණි 13 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සහ එම සිදුවීම කිසිවෙකුටත් නොපවසන ලෙස දැරියට තර්ජනය කිරීමත් එකල සමාජයේ ආන්දෝලානාත්මක සිදුවීමක් විය. පොලිස් පැමිණිල්ලෙන් නොනැවතී අධිකරණය දක්වා ම විකාශය වූ මේ චෝදනාවට අදාල නඩු තීන්දුව ප්‍රකාශ වූයේ 2005 වසරේ මැයි මාසයේ දී ය.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා මහත්මිය මෙම භික්ෂුවගේ ක්‍රියාව ‘අතිශය කම්පනකාරී සහ ලජ්ජාසහගත’යැයි සඳහන් කරමින්, වසර 20ක උපරිම සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් පනවන ලදි. එම අවස්ථාවේ විත්ති කූඩුවේ සිටි චූදිත භික්ෂුව තම චීවරය තුළ සඟවාගෙන සිටි බෝතලයක් ගෙන එහි වූ යමක් පානය කරන ලදි. රෝහල්ගත කරන ලද බෙල්ලන පඥ්ඥාලෝක භික්ෂුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ අතර ඔහු කෘමිනාශක බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් පානය කර තිබූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ලදි. 2005 වසරේ දී ම මෙම සිදුවීම වාර්තා කරන BBC වෙබ් අඩවිය ප්‍රවෘත්තිය අවසානයේ මෙවැනි පසු සටහනක් ද එක් කර තිබීම සුවිශේෂීය.

“Convictions of monks for sexual abuse are extremely rare in Sri Lanka, although in recent years reports of child abuse by Buddhist priests have risen.”

“ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස තීන්දු කරනු ලබන අවස්ථා ඉතා දුර්ලභ වන අතර, පසුගිය වසර කිහිපය තුළ බෞද්ධ පූජකයන් විසින් ළමයින් අපයෝජනය කළ බවට වාර්තා වන සිද්ධීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.”

BBC වෙබ් අඩවිය පසුව මෙම සිදුවීම අරභයා මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගෙන් අදහස් විමසා තිබූ අතර එහි දී උන්වහන්සේ ප්‍රකාශ කර තිබූණේ මෙවැනි අදහසකි.

“We have to accept the fact that there is a deterioration of the sasana(order) for which everybody is responsible”

“ශාසනයේ පිරිහීමක් ඇතිවී තිබෙන බව අප පිළිගත යුතුයි. ඒ සඳහා සමාජයේ සියලු දෙනාම යම් වගකීමක් දරනවා”

සමාජ මාධ්‍ය ජාලා සහ සන්නිවේදනය සාපේක්ෂව නොදියුණුව පැවති යුගයක දී පවා බෙල්ලන පඥ්ඥාලෝක භික්ෂුවට කෘමිනාශක බෝතලයක් පානය කර සියදිවි නසා ගන්නේ ඔහු තුළ ඒ වනවිටත් විලි – ලැජ්ජාව අංශු මාත්‍රයකින් ඉතිරිව තිබූ බැවිනි.

ක්‍රිස්තු වර්ෂ දෙදහස් විසි හයේ දී අප දකින්නේ විලි ලැජ්ජාවේ මූලික සංකල්ප පිළිබඳ අසා හෝ නොමැති ; තවමත් නීතියෙන් ගැලවීමට සෑම තුරුම්පුවක් ම යොදන පල්ලේගම හේමරතන නම් භික්ෂුවකි. වෙනත් වචනවලින් පවසන්නේ නම් පාපිස්සෙන් ශුක්‍රාණු පිසින වර්ගයේ වයෝවෘද්ධ බාලාපරාධකාරයෙකි.

~ සහන් කසීර වික්‍රමසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...