විමල් සඳුදා අත්අඩංගුවට ?

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන සඳුදා (25) දිනයේදී තලංගම පොලීසිය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ, පසුගිය මැයි 18 වනදා පාර්ලිමේන්තුව ක්‍රීඩාංගනය අසල පිහිටි රණවිරු ස්මාරකය අසලදී ඇතිවූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

විමල් වීරවංශ මහතා එදින එම රණවිරු ස්මාරකය අසලට නීතිවිරෝධී ලෙස රැස්වී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑ බවට පහළ වලව්වේ සෙනරත් බණ්ඩාර නමැති අයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙසේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා 22 වනදා පැමිණෙන ලෙස පොලීසිය විසින් දැනුම් දී තිබුණු අතර ඒ සඳහා 25 වනදා පැමිණෙන බව වීරවංශ මහතා පොලීසියට දැනුම් දී තිබිණි.

ඒ අනුව සඳුදා දිනයේ පැමිණෙන වීරවංශ මහතාව අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...