පොදු ප්‍රවාහන සේවාවන් ද සූර්ය විදුලියෙන් ධාවනය කරවීමට කටයුතු කරනවා – ප්‍රවාහන අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2030 වසර වනවිට මෙරට සියලු දුම්රිය, බස් රථ ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවා සූර්ය විදුලියෙන් ධාවනය කරවීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන අතර, පොසිල ඉන්ධනවලින් තවදුරටත් වාහන ධාවනය කළ නොහැකි බවත් පරිසරය විනාශ වන බවත් ඔහු පැවසීය.
පස්සර ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා තව දුරටත් පැවසූවේ,හම්බන්තොට වරාය විකුණා ලැබුණේ ඩොලර් බිලියන 1.4 ක් බවත් වරාය නගරයෙන් ලැබුණේ ඩොලර් බිලියන 1.4ක් බවත් නමුත් වසරකට ඉන්ධන ආනයනය ඩොලර් බිලියන 5ක් වන බවත්ය.
කිසිම ඇමතිවරයෙකුට උරුම නොවුණු ආකාරයේ දෑවැද්දක් තමන්ට ලැබී ඇති අතර, තමන්ගේ අමාත්‍යාංශයට තෙල් කඳුලක් නැති වුවද තම හයියෙන් දුවන්න යැයි කියන බව ද, එය හරියට තටු නැතිව ඉගිල්ලෙන්න කියනවා වගේ කතාවක් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...