කොළඹ (LNW): මෙරටට ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූයේ ඊයේ (22) දින ය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මේ අතර සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ සිදුකරන මෙහෙයුම් සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 348 ක ආයෝජනයක් සිදුකර ඇති බව ද ආරංචිමාර්ග පවසයි.
මෙය, දැවැන්ත ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාවට සිනොපෙක් සමාගම විසින් ලබා දුන් ප්‍රදානයක් හා සමාන අතර, පවතින විදේශ විනිමය ගැටළුව හමුවේ දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.
