ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගේන්න SJB ගහපු ලියුම පාර්ලිමේන්තුවට!

Date:

කොළඹ LNW:ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට අදාළව සමඟි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවටත් මැතිවරණ කොමිසමටත් යොමුකරන ලද ලිපිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබේ.

”මේක අපේ ඇගේ ගහන්න එන්න එපා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පත් කරන්න අත්සන් කලේත්, මේ පාර්ලිමේන්තුවට එව්වේත්, මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කළේත් සමගි ජන බලවේගයමයි. ඊට පස්සේ සමගි ජනබලවේගය ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රීකම නැතිවෙන්න ඇති. හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඇය සහ සමගි ජනබලවේගය අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ” යනුවෙන් තෙන්නකෝන් මහතා පැවසුවේය.

ඒ අනුව අදාළ ලිපියේ සඳහන් වන ආකාරයට ”පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 99 ආ වගන්තිය යටතේ දැන්වීම ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා හට එවනු ලැබූ 2020 08 12 ලිපිය හා බැදේ ඒ අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 07 සඳහා පහත සඳහන් නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ නාම යොජනා පත්‍රෙය් ඇතුළත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි. පළමුවෙනි නම රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා . දෙවෙනි නම අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. 3 ඉමිතියාස් බකීර් මාකර් නිතිඥ හා සමාජ සේවක, 4 ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ ,5 නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියානාරි දේශපාලඥ, 6 මයන්ත ලක්ෂමන් දිසානායක ව්‍යාපාරික උපාධිධාරි, 7 ඩයනා ගමගේ නීතිවේදී.” ආකාරයට දක්වා තිබේ.

මෙම ලිපියට අනුව සමඟි ජන බලවේගය සිදුකර තිබෙන වැරැද්ද ආණ්ඩුව පිට නොපටවන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...