කිං ඛාන් රෝහල්ගත කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

58 හැවිරිදි කිං ඛාන් උණුසුම් ආඝාතයකින් පෙළීම හේතුවෙන් බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයේ රෝහලකට ඇතුළු වූ බවයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා වාර්තා කර තිබුණේ, එමෙන්ම ප්‍රාදේශීය පුවත් ඒජන්සියක් විසින් විකාශනය කරන ලද වීඩියෝ පටයේ දැක්වෙන්නේ ඛාන්ගේ බිරිඳ ගෞරි බ්‍රහස්පතින්දා උදෑසන ඔහු බැලීමට රෝහලට පැමිණෙන බවයි.

ලොව පුරා රසිකයන්ගේ ආශීර්වාද, සුබ පැතුම් ගලා එමින් පවතින අතර ඛාන්ගේ කළමනාකරු සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඛාන් යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සඳහන් කර තිබුණේ, රාජස්ථාන්, පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල සහ අගනුවර දැඩි තාප තරංගයන් ඇතිවනු ඇති බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබියදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සම අයිති කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තරඟ වෙනුවෙන් සහභාගී වීමට ඛාන් අහමදාබාද් නුවරට පැමිණ තිබේ.

ඉන්දියාවේ අර්ධ දේවත්වයෙන් සලකන ෂාරුක් ඛාන් චිත්‍රපට 90 කට වඩා වැඩි ගණනක රඟපා ඇති අතර බහුවිධ සම්මාන ලබා ඇත. ඔහු 2005 දී ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් ගෞරවය ලබා ගත් අතර 2022 දී Time සඟරාවේ වඩාත්ම බලගතු 100 ලැයිස්තුවේ ස්ථානයේ රැඳී සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...