වෙනදා සෙල්ලං මේ පාර දාන්න එන්න එපා. ඩීසල් සහනාධාරය දෙන්න – පෞදලික බස් හිමියන් රජයෙන් ඉල්ලයි (VIDEO)

Date:

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල යළි රු.111කින් ඉහළ දැමීම නිසා ජනතාවටට ද බරක් නොවී පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අද දිනය තුළදීම ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
ඒ, අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය මාසයේදීද ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු වැඩි කිරීමට සිදු වූ අතර මෙය තවදුරටත් ජනතාවට දැරිය හැකිද යන ප්‍රශ්නයද පවතින හෙයින් බස් ගාස්තු වැඩි කිරීමේ අදහසක් නැතත් කර්මාන්තය පවත්වාගෙන යාම වෙනුවෙන් සහනාධාරයක් අවශ්‍ය වන බවයි ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් බස් ගාස්තු සංශෝධනය වන්නේ නම් අවම බස් ගාස්තුව රු.35ක් දක්වා හෝ වැඩි කළ යුතු වන අතර සෙසු ගාස්තුද 35%කින් වැඩි විය යුතු වන බව ඔහු කියාසිටියේය.

පවතින තත්ත්වය අනුව අද දහවල් වන විට බස් ගමනාගමනය නතර වනු ඇති බවද ප්‍රියන්ජිත් මහතා පැවසුවේ.

සති දෙකෙන් දෙකට මාසෙන් මාසයට තෙල් මිල ඉහළ යන්නේ නම් ප්‍රවාහන ගාස්තු වැඩි වීම සම්බන්ධයෙනුත් බස් සංගම හිමියන් ලෙස ඔවුන් සමඟද සාකච්ජා කර නිසි මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට තමන් අවධාරණය කරන බවද ඔහු සඳහන් කරන ලදී.

එහෙත් එම මිල සූත්‍රය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ රු. 2500 ජීවත් වීමේ හැකියාව වැනි සූත්‍රයක් නොවිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...