ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තිය ….

Date:

ලංකාව මේ මොහොතේ මුහුණදී ඇති අර්බූදය වූකලී එය නිදහසෙන් පසු මෙතෙක් ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම අර්බූදයයි..

ණය නොගෙවා සිටිමින් සහ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සම්බන්ධ තාමත් එහෙමෙහෙවන ක්‍රියාවලියක සිටිමින් අර්බූදයට ටෙම්පරි ශොලියුෂන් දී තිබුනද සියල්ල යටින් නුදුරු ව්‍යාසනයක් ලෙස අර්බූදය එලෙසම පවතී..

නිදහසේ සිට මෙතෙක් පැමිණි ආර්ථික ගමන්මගේ වැරදුන තැන්, අනාගත්ත තැන් තියුණු ලෙස අධ්‍යයනය කරමින් සහ ගෝළීය ආර්ථික තත්වය හා මේ මොහොත ගැඹුරින් නිරීක්ෂණය කරමින් අර්බූධයට තාවකාලික සහ දීර්ඝකාලීන විසඳුම් තව මාස තුන හතරකින් බලයට පත්වීමට සූදානමින් සිටින බලවේගයක් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතුය… මන්ද මෙය නිකම්ම නිකම් ආර්ථික අර්බූධයක් පමණක් නොව කෝටි දෙක තුනක ජනතාවකගේ ජීවිත සහ අනාගතය සම්බන්ද ප්‍රශනයක් වන බැවින්.. මේ මොහොතේ පවා අනාගත අනතුරක තරමක හෝ ඉවක් වැටුනු බොහෝ අය රටෙන් පිටව යනුද පෙනේ…

මාළිමාවට සහය දක්වන්නෙක් ලෙසත් එහි කොන්දේසි විරහිත විවේචකයෙකු ලෙසත් මා හට පැවසිය හැක්කේ නලින්ද සහෝදරයාගේ මේ ප්‍රකාශය අහඹු ප්‍රකාශයක් නොව යතාර්තයක් බවයි..

මන්ද ටිල්වින් සහෝදරයාට අනුව ජා.ජ.බ. යනු පැරණි ජ.වි.පෙ. සමාජවාදී සහ ජාතිකවාදී ප්‍රත්තිපත්තිවලම එලෙසම සිටින බලවේගයකි, අනුරට අනුව නව වෙළෙඳපොළ ප්‍රතිපත්ති වල සිටින බලවේගයකි.. සමන්ත විද්‍යාරත්න සහෝදරයාට අනුව අධිරාජ්‍ය විරෝධී බලවේගයකි, බිමල්ට, සුනිල්ට අනුව කියුබානු මොඩලයට යන බවක් කියැවේ.. නලින් හේවගේ 88,89, ස්වකීය සන්නද්ධ දේශපාලනය ඉහලට ඔසවයි.. ලාල් එක එක මොහොතට එක එක දේ කියයි..

පිටින් ප්ලග් උන අයට තමතමන්ගේ අරමුණු වලට වැඩි දෙයක් නැතිබවක් හැඟේ…

කෙසේ හෝ බලය ගත් විට ඒ වෙලාවට මොනවා හෝ කරන්නම් ප්‍රතිපත්තියක ඔවුන් මේ මොහොතේ සිටින බවක් මට හැඟේ..

ඇත්තෙන්ම එය භයානකය…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...