ඉන්දීය මැතිවරණයට අධික උණුසුම හේතුවෙන් බාධා

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(24) දිනයේදී නවදිල්ලියේ අගනුවර සෙල්සියස් අංශක 47 (ෆැරන්හයිට් අංශක 117) දක්වා උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ලොව විශාලතම මැතිවරණය සෙනසුරාදා උණුසුම්ම මැතිවරණය බවට පත්ව ඇත.

ප්‍රාන්ත සහ ෆෙඩරල් ප්‍රදේශ අටක් පුරා මැතිවරණ කොට්ඨාශ 58 ක මිලියන 111 කට අධික ජනතාවක් මහ මැතිවරණයේ හයවන අදියර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර, පැය 11 ක ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු පැය දෙක තුළ 10.82% ක ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තා විය.

මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අප්‍රේල් 19 වැනිදා ආරම්භ වූ අතර ජුනි 4 වැනිදා ගණන් කිරීමත් සමඟ ජුනි 1 වැනිදා අවසන් වේ. අඛණ්ඩව තුන්වන වරටත් ජයග්‍රහණය අපේක්ෂාවෙන් හින්දු-ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සෙනසුරාදා X සමාජ මාධ්‍ය වේදිකාවේ දී ජනතාවගෙන් ඉල්ලා තිබුණේ, සියලුදෙනාම ඡන්දය ලබා දෙන ලෙසයි.

මැතිවරණ කොමිසම මේ වන විට දිල්ලියේ ඡන්ද මධ්‍යස්ථානවල පරිපූරක වෛද්‍යවරුන් යොදවා ඇති අතර, ඒවාට අමතරව මීදුම් යන්ත්‍ර, සෙවන සහිත පොරොත්තු ස්ථාන සහ ඡන්දදායකයින් සඳහා සීතල ජලය ආදී දේ සංවිධානය කර ඇති අතර හර්යානා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන අසල පදිංචි ජනතාව ද ඡන්දදායකයින්ට උණුසුම මැඩපැවැත්වීමට උදව් කිරීමටත්, සිසිල් බීම, වියළි පලතුරු සහ කිරි නොමිලේ බෙදා දී තිබිණි.

මේ වන විට ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව ඉහල උෂ්ණත්වයක් ඇතිවනු ඇති බවට පුරෝකථන ඉදිරිපත් කර ඇති අතර හෙට(26)දිනයේ නැගෙනහිර ඔඩීෂා සහ බටහිර බෙංගාලයට සුළි කුණාටුවක් ගොඩබිමින් පහර දෙනු ඇතැයි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩි පයික්‍රොෆ්ට් මොකද කළේ…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ක්‍රීඩාව කියන්නෙ දේශපාලනයේ ගිණි නිවන සිසිල්...

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...