*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

(VIDEO):සජිත් හර්ෂගේ කෝට් එක යට හැන්ගෙද්දී උදයංග පිච් එකට උඩින් පනී.අනුර ඉලක්කය ආසන්නයටම!

කොළඹ LNW:සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය සම්බන්ධ කාරණාව තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබෙනවා. දෙපාර්ශවයේම එකට එක කතා සමඟ ගැටෙමින් තිබුණු විවාදයට ප්‍රමාද වෙලා හෝ දැන් සමඟි ජන බලවේගය විසින් දින ලබා දී තිබෙනවා. ආර්ථික කමිටුවේ විවාදයට වගේම නායකයින් දෙදෙනා අතර විවාදයට දින පහ බැඟින් දී තිබුන අතර ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ඉන් නායකයින් අතර විවාදය මුලින් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව සජිත් එක්ක විවාදයට එන්න අනුර ජුනි 06 වැනිදා සූදානමින් ඉන්නේ. කොහොමත් සමඟි ජන බලවේගය කියන්නේ මුලින්ම ආර්ථික කමිටු විවාදය පැවැත්වීමෙන් පසු නායකයින් අතර විවාදය පැවැත්විය හැකි බවයි. හර්ෂ,කබීර් සහ ඉරාන් ආර්ථික කමිටු විවාදය වෙනුවෙන් පුන පුනා බල සිටින අතර සමඟි ජන බලවේගයද කරේ තියාගෙන යන්නේ මේ ආර්ථික කමිටුව කියන්න හොදින්ම පේන දෙයක්. නමුත් ප්‍රතිවාදියාගේ මුල්ම අභියෝගය නායකයාට මුලින් පැමිණෙන ලෙසයි. එහෙත් එයට සමඟිය සූදානම් නැති අතර යළි දෙපාර්ශවය අතර උණුසුම් කතා එහෙට මෙහෙට මාරු වෙනවා.

සමඟියේ නලින් බණ්ඩාර හඳුන් ඇතුළු මලිමාවේ ආර්ථික කමිටුවට පැම්පස් අන්දන්න සූදානමින් සිටියද මාලිමාව ඒ කතා පයිසෙකටවත් මායිම් නොකර සජිත්ටම අභියෝග කරමින් පසුවෙන ආකාරය දැකගත හැකියි. කොහොමත් මාලිමාවේ හිතවාදීන් මෙන්ම තවත් ස්වාධීන බොහෝදෙනෙක් නම් කියන්නේ අනුර වගේ ප්‍රසිද්ධ වේදිකාවේ විවාද කර නොමැති සජිත්ට ඒ ගැන ගිල්ටි ෆීලින්ග් එකක් ඇති බව පෙනෙන්නට තිබෙන බවයි. හර්ෂගේ කෝට් බෑයට වහන් වෙලා හර්ෂ වැඩේ ගොඩ දා ගත්තොත් අනුරත් එක්ක කොහොමින් හරි මැච් එකක් ගහගන්න පුළුවන් වෙයි කියල සජිත් හිතනවා ඇති කියලයි මේ විවාද සටන දිහා බලාගෙන ඉන්න බොහෝ දෙනෙක් පවසමින් ඉන්නේ.

මේ අතරේ හෙන ගහනවා වගේ උදයංග වීරතුංග රූපවාහිනී නාලිකාවකට ඇවිල්ල මැතිවරණ ගැන කරපු ප්‍රකාශයෙන් දෙඹරෙට ගැහුවා වගේ වැඩකුත් වුණා. ජනාධිපතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බොහෝදෙනෙකුට ඒ ගැන දෙපාරක් හිතන්න වෙන විදිහට උදයංග වීරතුංග ඒ ප්‍රකාශය කළා කිවොත් හරි. රුසියාවේ හිටපු තානාපති ලෙසත් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් ලෙසත් උදයංග කට කහනවට එවැනි කතාවක් කියන්න විදිහකුත් නැහැ. ඔහු කියන්නෙම ජනධිපතිවරණය වෙනුවට මහ මැතිවරණය එන බවත් එළඹෙන 14,15 වෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවටයි.

ඒ කියන්නේ රනිල් බැසිල් සාකච්ජාවල ප්‍රතිඵල එළියට දැම්මා වගේ වැඩක් උදයංග වීරතුංග කළේ. නමුත් මේ ගැන පොහොට්ටුවේ කණ්ඩායමක් බැසිල් රාජපක්ෂගෙන් විමසලා තිබෙන අතර එවැනි එකඟතාවක් ජනධිපතිවරයා සමඟ ඇති නොවුණු බවටයි බැසිල් රාජපක්ෂ නම් කියල තියෙන්නේ. පොහොට්ටුවට ඕන පිච් එක හදා ගන්න පවුලේ කෙනෙක් විදිහට උදයන්ගත් පොඩි සප් එකක් දීලා බැලුව වෙන්නත් පුළුවන්. නැත්නම් උදයංග කියපු දේ වුණත් වෙන්න පුළුවන්. ඔය ඕන දෙකට තාම ඉඩ තියෙනවා. කොහොමත් සිරිකොත පැත්ත නම් සූදානම් වෙමින් ජනාධිපතිවරණයකට කියල පේන්න තියෙනවා.

පහුගිය කැබිනම් මාධ්‍ය හමුවේදීත් ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවෙත් ව්‍යවස්ථානුකූලව මුලින් ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඒ සහතිකය දී ඇති බවත් වාර්තා වී තිබුණා. වික්‍රමසිංහ ජනාධිපතිවරයා වුණත් ආවට ගියාට ඉත්තෝ එහෙට මෙහෙට අදින පුත්‍රයෙක් නෙවෙයි. නැත්නම් ඉතින් එකක් තියාගෙන රටම නටවයිද?

මේ අතර මාලිමාව රජ ගමනේ කියල තමයි දැන් කොයි කවුරුත් කියන්නේ. සජිත්ලා රනිල්ලා බැසිල්ලා, මහින්දලා නාමල්ලා දන්නා සෙල්ලම් දදා තම තමන්ගේ ඇජෙන්ඩා එක ගොඩ දා ගන්න ට්‍රයි කරන වෙලාවේ ඔය නඩේටම එකට තියලා දීගෙන දීගෙන ගිහින් අනුර තමන්ගේ රජ ගමන ළඟටම ඇවිත් කියලයි කියන්නේ. හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මාලිමාව තමන්ගේ දේශපාලනය විහිදුවල අවසන්. මාලිමාව කරන කරන දේ සමඟිය වගේම රනිලුත් කරන්න පටන් අරන් තියෙන නිසා දැන් ඔලුවේ කෙස් පැහෙනකම් දේශපාලනය කළ උදවියටත් මඟ කියන්නේ මාලිමාව කියලයි බොහෝ දෙනෙකුගේ අදහස.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan