සෙනෙහෙලතාවන්ට සෙනෙහසිනි !

නිමිත්ත –
“නිළි රැජිණ මාලිනී ෆොන්සේකා සමුගනී”
“විජය කුමාරතුංගගේ පොල්හේන්ගොඩ පිළිරුව බිමට පතිත වෙයි”

– එකම දවසේ ඇසුණු ප්‍රවෘත්ති දෙකක්.

සෙනෙහස වෙන කොහිද, ඒ ඔබේ හදවතා
මඳහස වරනැඟුණු මනරම් ම දෙතොලතා
අනිමිස ලෝචනය මත ලිහුණු ඇඳිවතා
නිදහස ඔව් එතැන, ඒ ඔබේ තුරුලතා

ගැටවර වියට පැනගන්නට වැට කඩුලු
පුදදුණි හැඟුම් දියමන්ති ද මිණි පබළු
විජයතු වෙන්න මදි වූවත් යස ඉසුරු
ව්කසිත කළේ වෙන කවුරුද ඇටමිදුළු

සෙනෙහස නමින් දැහැනට වැද පළඟ බැඳ
බැද්දේගමදි කොටු වූවත් වළැහෙකුට
ලොකු අතු දිගේ බඩගා මී කඩන්නට
යන ඌ දිහා බැලු ඉවසුම් කොහෙන් ලද?

ආකාසෙන් කුසුම් ගිලිහුණු අවාරේ
හෝ හෝ හඬින් ඇද හැලුණයි තුෂාරේ
කුණ්ඩලකේෂි සැතපෙන මිහි දුමාරේ
සත්තුකවරුන් මළගෙදරත් වකාරේ

සොඳුරු මතක තිබුණෙන් දෙණ තුළ වැතිර
අඳුරු ලෙනකි පාළුයි එක්ටැම් මැදුර
කොඳුර කොඳුර ඉද්දී අපි කවි අතර
බඹරු ඇවිත් හිටියා ඔබෙ මළ ගෙදර

~ මංජුල වෙඩිවර්ධන
2025 මැයි 25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....