*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රනිල් රටේ සම්පත් විකුණද්දි එදා එපා කිව්වට අද එපා කියන්න බෑ, එයා අපේ අගමැති නෙ – පොහොට්ටුව

ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන යෝජනාවට විරෝධයක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා පවසනවා. රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ඊට විරුද්ධවීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

ඩී.බී. හේරත් මහතා මේ බව සඳහන් කළේ අද පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ 2019 ට පෙර රටේ සම්පත් විකුණා දමන බවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ පොදුජන පෙරමුණ අද රටේ සම්පත් විකිණීම සඳහා සහාය ලබා දෙන්නේ කෙසේද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එදා විරුද්ධ වුවද අද පවතින්නේ විශේෂ තත්වයක් බවයි. එනිසා අලුතෙන් සිතා බලා කටයුතු කළයුතු බවත්, මේ අවස්ථාවේදී පවතින අර්බුදයෙන් රට ගොඩදැමිය හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් හේරත් මහතා ප්‍රකාශ කරනවා.

රටේ ජනමතයට ගරු කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වූ බවත්, දැන් රට වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂවලට එකට එකතු වී කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.

අගමැතිවරයා ජනමතයට ගරු කරමින් ඉල්ලා අස්වූයේ නම් ජනාධිපතිවරයා ජනමතයට කන්දී ඉල්ලා අස් නොවන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඩී.බී. හේරත් මහතා සඳහන් කරන්නේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවයි. ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි බලකරමින් සිදු කරන උද්ගෝෂණවලට කිසිදු නීත්‍යනුකූලභාවයක් නොමැති බවත්, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan