කොළඹ LNW:මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිසම වන අතර පක්ෂයක ලේකම්වරයෙකුට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පානදුරදී පැවැත්වූ මහජන රැළියක් අමතමිනි.
”අද මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.අපේ හාමුදුරුවනේ මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස. පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා හැබැයි මොකක්ද වෙන්නේ ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ තියන්නේ නෑ කියලා”
කෙසේවෙතත් මේ වන විට ආණ්ඩුවට ඉදිරි ගමන පිළිබඳ නිසි සැලැස්මක් නොමැති අතර පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමට ඇති සැලැස්ම කුමක්ද යන්න තමන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
”පහුගිය ආණ්ඩුවට බනින එකද නැත්නම් හැකර් කෙනෙක් පැන්නා සල්ලි ඉස්සුවා කියනඑකද නෑ ආණ්ඩුව සැලැස්මක් දෙන්න ඕනේ. ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයට කතා කරාම මුදල් අමාත්‍යංශයෙන් ප්‍රශ්න කරාම මුදල් අමාත්‍යංශෙන් ගානකටවත් ගණන් ගන්නේ නැතුව උත්තර දෙන්නේ ඇමතිවරයා.ඇමතිවරයා කියනවා ඩොලරයට සාපේක්ෂව රුපියල 400ට 450ට ගියත් කමක් නෑලු.එයාට කමක් නෑ හැකර්ලට ඒක ප්‍රශ්නයක් නෑ.තව එක්කෙනෙක් එනවා ආර්ථිකය ගැන දිශානතියට අනුව ඒ අයට හරියටම නිශ්චිතව දෙයක් කියන්න බෑලු.අද සම්පූර්ණ ආණ්ඩුව තමන් කරගෙන යන වැඩපිළිවෙල ගැන අනවබෝධයෙන් යුතුව වැඩකරන්නේ.”
මැතිවරණ සමයේදී ආණ්ඩුවේ පාර්ශවය විසින් ලබා දුන් පොරොන්දු දැන් සියල්ල බොරුවක් බවට පත්ව තිබෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.
”මේ ආණ්ඩුව බලයට ආවේ අමූලික බොරු කියලා බොරු බලාපොරොත්තු දීලා. එක අපේ හාමුදුරුවනේ මම මතක් කරන්න යන්නේ නැහැ.මොකද මේ ආසනය පහු කරනකොට මගේ ගිණුමට ඩොලර් බිලියන 18ක් වැටෙනවා හැබැයි තාම ඇවිල්ලා නෑ කියනවනම් දැන් තමයි වෙලාව ඩොලර් හිඟයක් තියෙන වෙලාවේ අපේ හාමුදුරුවනේ දැන් තමයි බිලියන 18 ඕනේ. හැබැයි අමූලික බොරු කිව්වා ජනතාව රැවට්ටුවා ජනතාව නොමඟ යැව්වා තරුණ පරම්පරාවට අසීමිත බලාපොරොත්තු දුන්නා එක කාලයක් නංගි කෙනෙක් ගියා පුංචි කාර් එකක ඒක හරි ගියෙත් නෑ. ඊට පස්සේ ලක්ෂ දොළහට වාහනයක් ගන්න ගියා හැබැයි දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැලු අර එක කාලයක් කිව්වා උමා ඔයේ හිලක් කියලා ඊට පස්සේ කිව්වා හිල වහලා කියලා. ලක්ෂ දොළහට වාහනයක් දෙනවා කිව්වා දැන් කියනවා එහෙම එකක් කිව්වේ නැහැයි කියලා මේ රටේ තරුණ පරම්පරාව රැවැට්ටුවා. උපාධිධාරියාට රැකියා දෙනවා කිව්වා. කර්මාන්ත ජනපද නිර්මාණය කරනවා කිව්වා. තරුණයාගේ ආර්ථික ප්‍රශ්නයට මේ ආණ්ඩුව පිළිතුරක් දෙනවා කිව්වා අපේ හාමුදුරුවනේ ඒ හැම එකක්ම අද බොරුවක් බවට පත්වෙලා තියෙනවා.” යනුවෙන් තවදුරටත් සඳහන් කළේය.


