සාෆිගේ කතාවත් අර බාලචන්ද්‍රන්ගේ කතාව වගේ.. කොච්චර කාලයක් කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියත් මොකක්දෝ ගිල්ට් එකක් විදියට ආයෙ ආයෙත් කැකෑරි කැකෑරි උඩට මතු වෙනවා…..
එක ෆොටෝ එකකින් අපි දකිනවා බාලචන්ද්‍රන් කියන ළමයා බංකරයක් ඇතුලේ විස්කෝතු කකා ඉන්න රූපයක්.. ඊළඟට අපි දකිනවා ඒ ළමයා පපුවට වෙඩි වැදිලා මියගොස් සිටින ෆොටෝ එකක්.. ඒ සිද්දිය ගැන විමර්ශන නැතිව එහෙමම වැහිලා යනව.. අපේ අභිමානය මානුෂික මෙහෙයුම් කතන්දර ඔක්කොම ඒ ෆොටෝ දෙක හමුවේ දෝලනය වෙමින් සදාකාලිකවම අභියෝගයකට ලක්වෙනවා..
සාෆිගේ කතාවත් එහෙමම තමා වෙනස සාෆි තාමත් ජීවතුන් අතර සිටිමින් අපේ ඉස්සරහට කැඩපතක් අරන් ඇවිත් විටින් විට අපිට අපිවම බූත අවතාර විදියට පෙන්වන එක..
එක මොහොතක රටේ ප්‍රධාන මාධ්‍ය ආයාතන, දේශපාලන අධිකාරිය, බුද්ධිමත්තු, සියළු පරිපාලන කේන්ද්‍රස්තාන එකතුවෙලා සාෆිව පන පිටින් පට්ට ගහන්ට හදනවා… මිනිහත් කොහොම හරි ඒ තත්වයට මූණ දුන්නා..
ඊළඟට ආයේ කාලෙකට පස්සේ ටික ටික එළියට එනව ඔහු සම්බන්ධ චෝදනා ඔක්කොම බොරු කියලා…
ඒ විතරක් නෙමේ සල්ලි වලට වෘතිය විකුනන ස්පැෂලිස්ට් මුදලාලිලා අතරේ සාෆි කියන්නේ සැබෑම හිපොක්‍රටීස් කෙනෙක් කියලත් ටික ටික සමාජයට කාන්දු වෙනවා…
අපි හරි බුද්ධිමත් ජාතියක්, මනුස්සකම උතුරා යන ජනකොටසක් කියන කතන්දර බොරුවක් වෙලා ආයේආයෙත් අපේ ඇස් ඉස්සරහම විකාරයක් වෙලා අභියෝගයට ලක්වෙනවා…
මේවගේ රටක සුළු ජනවර්ගයක පුරවැසියෙක් විදියට ඉපදෙන එක මොන තරම් භයානකද, සහ තීරණාත්මක තැන්වල අපි හැසිරෙන්නේ මොනතරම් මුග්ධ විදියටද කියන යථාර්ථය ඉතිහාස ඇතුලේ යලි යලිත් අපිටම අවධාරණය කෙරමින් ගැලවෙන්ට බැරි ශාපයක් විදියට පස්සෙන් එනවා..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN