ගැහැණුන්ගේ බලයෙන් මේ පාර අනුරව ජනාධිපති කරනවාමයි. ඒකෙ සැකයක් තියාගන්න ඕනෙ නෑ – හරිනි

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාව ඉදිරි ජනාධිපතිවරණයේදී කාන්තාවන්ගේ බලයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති අපේක්ෂක අනුර සහෝදරයාව එළඹෙන ජනාධිපතිවරණයෙන් ගැහැණු අපේ බලයෙන් අපි පත්කරන එක මං හිතන්නෙ මේ වෙනකොට අපි තහවුරු කරලා ඉවරයි. අනුර සහෝදරයා, ආයෙ දෙපාරක් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි, ඒක අපි කරනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනෙ නෑ. මොකෝ මේක අපි කරේ නැත්නම් මේක අපට වෙනස් කරන්න අවස්ථාවක් ආයෙ කාලෙකට එන්නෙ නෑ”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (25) පැවති ජාතික ජන බලවේගයේ වව්නියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...