බැසිල් – ලන්සා හමුවක් ?

Date:

කාලයක් කිරිපැණි වගේ එකටම සෙට් වෙලා ඉඳලා දැන් වෙනකොට නයායි මුගටියයි වගේ ඉන්න දෙන්නෙක් තමයි බැසිල් රාජපක්ෂයි නිමල් ලන්සායි කියන්නේ.

කාලෙකට කලින් නිමල් ලන්සා සැලකුණේ බැසිල් රාජපක්ෂගේ විශ්වාසවන්තම ගෝලයෙක් හැටියට. නමුත් අරගල කාලේ වෙච්චි සිද්ධිවලින් පස්සේ ලන්සාට රාජපක්ෂලාව පේන්නම බැරි සයිස් වුණා. ලන්සා පොහොට්ටු පක්ෂෙනුත් අයින් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා වෙනම මන්ත්‍රී කණ්ඩායමකුත් හදාගෙන ඒකෙ නිල නොවෙන නායකයා හැටියට යම් බලයකුත් ඇතිවයි දැන් ඉන්නේ.

මේ තත්වය මැද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කැබිනට්ටුවට බැසිල්ව සහභාගී කරගන්න එකට තදින්ම විරුද්ධ වෙලා ලන්සා ඒ රැස්වීම් දෙකකුත් වර්ජනය කරලා තිබුණා පහුගිය දවස්වල. ලන්සා කියන්නේ තමන්ගෙ කණ්ඩායම ජනාධිපති රනිල්ට සහාය දෙන්නෙත් රාජපක්ෂලාව සම්බන්ධ කරගන්නේ නැත්නම් විතරයි කියලා යි.

මේ තත්වය ඉදිරි මැතිවරණ මෙහෙයුම්වලට කොහෙත්ම ගුණ නැති නිසා ඉතාම ඉක්මනින් බැසිල් – ලන්සා හමුවක් පවත්වන්නය කියලා ජනාධිපති කාර්යාලය පැත්තෙන් යෝජනාවක් ඇවිත් ලු. මේක සම්බන්ධීකරණය කරන්න රටේ ලොක්කාගෙ පැත්තෙන් වජිර අබේවර්ධනව පත්කරලා කියලාත් ආරංචියි. ඒ අනුව බොහෝවිට ඉදිරි සතියේදී මේ හමුව පැවැත්වෙයි කියලායි ආරංචිමාර්ග කියන්නේ.

කොහොමවුණත් බැසිල්ව හම්බුවෙන්න තමන්ට පුළුවන්, ඒත් තමන්ගෙ දේශපාලන ස්ථාවරය නම් වෙනස් වෙන්නෙ නෑ කියලා ලන්සා රටේ ලොක්කාටම කෙළින්ම කිව්වා කියලාත් කතාවක් යනවා … බලන් ඉන්නයි තියෙන්නේ …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් නරඹන්න.. https://youtu.be/QAOSzQFUoQg අමෙරිකානු...