*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ තහනම් උත්තේජනවලට පුහුණුකරුටත් ක්‍රීඩකයාගේම දඬුවම – සහතික පත් ඩිජිටල්කරණයට ලක් කිරීමත් ඇරඹේ

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): ඉන්දීය මලල ක්‍රීඩා සංගමය තහනම් උත්තේජක සම්බන්ධයෙන් දඬුවම් පැනවීමේදී එම වරදට හසුවන ක්‍රීඩකයාට සමාන දඬුවමක් පුහුණුකරුවාට ද ලබා දීමට තීරණය කර තිබෙනවා.එසේම ක්‍රීඩක ජයග්‍රහණ වෙනුවෙන් නිකුත් කරන සියලුම සහතික පත් ඩිජිටල්කරණය කීරීමට ද පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.මේ දක්වා හඳුනාගත් ඉන්දීය මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ වැරදි පිළිබඳ අධ්‍යයනයකින් පසුව මෙම් තීරණවලට එළැඹි බව ඉන්දීය මලල ක්‍රීඩා සංගමයේ සභාපති අදිල්ලි සුමරවල්ලා දක්වන අදහස්වලින් පැහැදිළි වෙනවා.
පිරිසිදු ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යයතාවය වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම,එම වරදේ බැඳෙන්නන් ප්‍රසිද්ධයිට පත් කර දඬුවම් කර එවැනි ලැජ්ජා සහගත ක්‍රියාවල යෙදීමට පෙළඹවීම නවත්වාලීම ඉන්දීය මලල ක්‍රිඩා සංගමයේ අභිප්‍රාය බව ද සභාපතිවරයා පවසනවා.
මෑත ඉතිහාසයේ දැඩි අවදානමකට ඉන්දීය මලල ක්‍රීඩාව තහනම් උත්තේජන භාවිතය ඇසුරෙන් පත්ව තිබීම අවධානයට ගෙන පාලනයේ සීමාවෙන් ඔබ්බට ගොස් තිබෙන මෙම ප්‍රශ්නයේ වගකීම පුහුණුකරුටද පැවරීමෙන් ක්‍රීඩකයා සම්බන්ධ අධීක්ෂණ කටයුතු වඩාත් වගකීම් සහගත යහපත් තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන්නට ඉන්දීය මලල ක්‍රීඩා පරිපාලනය අදහස් කර තිබේ.
“ක්‍රීඩකයෙක් ජයග්‍රහණය කළාම පුහුණුකරුවන් දුවලා ගිහින් මුදල් සම්මාන ගන්න ලෑස්තියි.එතන කැරට් අල විතරක් තියෙන්න බැහැ, එයාලටත් පොල්ලක් තියෙන්න ඕන.එක් ක්‍රීඩකයකුට මුදල් ත්‍යාගය ලබාගන්න පුහුණුකරුවන් පස්දෙනෙක් ඉන්නවා. ” ක්‍රීඩකයන්ගේ මෙන්ම තහනම් උත්තේජන වරද ක්‍රීඩකයා ගැන නිසි අවධානය යොමු නොකර වගකීමකින් තොරව හැසිරෙන පුහුණුකරුවාගේද බව හඟවමින් ඉන්දීය මලල ක්‍රීඩා සභාපතිවරයා පවසා තිබෙනවා.
එසේම මලල ක්‍රීඩා දක්ෂතා සහිත සහතික පත් සකස් කර ඉදිරිපත් කර යම් යම් වැරදි වරප්‍රසාද භුක්ති විදින්නන් ගැන අවධානය යොමු කරමින් මේ තීරණය ගන්නට ඉන්දීය මලල ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.ඒ අනුව ඉදිරිපත් කරන සහතිකය නිවැරදි එකක් ද නැද්ද යන්න යම් වරප්‍රසාදයක් සඳහා අයෙක් පරික්ෂාවට ලක් කිරීමේදී ඒ මොහොතේම පරික්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා.
“අපට ඔලිම්පික් උළෙල පැවැත්වීමට සිදුවුවහොත්, අපට අපගේ ක්‍රීඩාව වැඩිදියුණු කර මෙම සමස්ත උවදුරට එරෙහිව සටන් කිරීමට වග බලා ගත යුතුයි” යනුවෙන් ඉන්දීය මලල ක්‍රීඩා සභාපතිවරයා තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් නව නීති ඉදරිපත් කරමින් දක්වන අදහස, ඉන්දියාව ජාත්‍යන්තර මට්ටමෙන් පනින්නට සිහින දකින පිම්මේ වර්ගපලය ගැන හොඳ ඉඟීයක් ලබා දෙනවා.
ඉන්දීය මලල ක්‍රීඩා සභාපතිවරයා 1980 මොස්තව් ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව නියෝජනය කරමින් මීටර් 100 ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයෙක් වන අතර 66 හැවිරිදි ඔහු මලල ක්‍රීඩා පරිපාලනයේ මුල් පුටුවට එන්න මත්තෙන් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ විවිධ වගකීම් දරපු අයෙක්.මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දීය මලල ක්‍රීඩා සභාපතිවරයාගේ ඡායාරූපය ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan