උද්ධමනය තවත් වැඩිවෙයි. සති හයක් තුළ සහන අයවැයක් ගේනවා – රනිල්

Date:

ඉදිරි සති හයක් තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් මෙයින් යෝජිත දෙවසරක සහන වැඩසටහන සඳහා අරමුදල් නැවත ලබාගැනීමට යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වනවිට රජයට රුපියලකවත් ආදායමක් නොමැති අතර රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

මුදල් මුද්‍රණය යනු සිය ප්‍රතිපත්තිය නොවුණත් පවතින තත්වය හමුවේ එයින් බැහැර විය නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව පැවසූ ඒ මහතා රජයට දරාගත නොහැකි රාජ්‍ය අංශයේ වියදම් කප්පාදු කිරීම පිළිබඳව ද සමාලෝචනයක් කරන බවත් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන මෙරට මිලියන 22ක ජනතාවගෙන් වඩාත්ම අවදානමට ලක්ව සිටින අයට සහන සැලසීම සඳහා අරමුදල් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් එවන් තත්වයක් යටතේ පවා රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය පහව යනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර රොයිටර්ස් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...