ඉන්ධන සහනාධාරයක් නොදුන්නොත් රටේම බහුදින ධීවර යාත්‍රා නවතීවි !

Date:

ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු නොකරන්නේ නම් මුළු රටේම බහුදින ධීවර යාත්‍රා ධීවර කටයුතුවලින් ඉවත් කරගැනීමට සිදුවන බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.

දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යෑම ඉතාම අසීරු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

රටට ඩොලර් ආදායම් උපයාදෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ධීවර ක්ෂේත්‍රය කෙරෙහි රජයේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව පැවසූ ඔවුන් පෙන්වා දුන්නේ බහුදින ධීවර යාත්‍රා නතර වුවහොත් රටට ඩොලර් ආදායම් අහිමිවනවා සේම ලක්ෂ ගණනකට රැකියා ද අහිමි වනු ඇති බවයි.

එම සංගමය විසින් ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...