*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

යුපුන්ගෙන් හොඳ ඇරඹුමක්

යුපුන් අබේකෝන් සම්බන්ධයෙන් ලෝකයේ වැඩිම අවධානය යොමුව ඇති ඉසව්ව වන මීටර් 100 ඉසව්ව වෙනුවෙන් මේ වසරේ පැවති සහභාගි වූ මුල්ම තරගයේදී තත්පර 1.01 ක දක්ෂතාවයක් සමඟ දෙවන ස්ථානය ලබා ගන්නට සමත් වුණා.වසරෙඒ තරග ආරම්භයේදී එවැනි කාලයකින් ධාවනයේ යෙදීම පහසු කරුණක් නොවන අතර මූලික තරගයේ දී මෙන්ම අවසාන තරගයේදී ද යුපුන් සමඟ තරග වදින්නට සිටි ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතාවයන් හා සසදද්දී එය තේරුම් ගැනීම අපහසු කරුණක් නොවෙනු ඇති.
ඒ අතරින් අවසන් තරගය සඳහා ජයගත් පිළිවෙළ සහ ඔවුන් මීටර් 100 තරගයක් නිමා කර ඇති හොඳම කාලය විමසා බැලීමේදී යුපුන් ගේ ජයග්‍රහණයේ වර්ගපලය කෙතරම් සුවිසල් ද යන්න අවබෝධ කර ගන්නට හැකියි.


තරගය ජයගත් රීස් ප්‍රෙස්කෝ ඒ සඳහා වැය කළ කාලය තත්පර 9.94 ක් සේ සටහන් වුණා.ඔහු වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ තත්පර 9.93 ක්.අවසාන රේඛාව අසළදි යුපුන් යම් පාදයේ ආබාධයකට ලක් වූ බවක් දකින්නට ලැබුණ අතර එසේ නොවුණානම් ඔහු ද බොහෝ විට තත්පර 9 සීමාවේ රැඳෙන්නට ඉඩ තිබුණා.ඔහුගේ හොඳම කාලය හැටියට ගැනෙන්නේ තත්පර 9.96 යි.
තරගයේ තෙවන තැන දිනූ ආතර් සිසේ තත්පර 10.03 නි තරගය නිමා කළ අතර ඔහුගේ හොඳම පෞද්ගලික කාලය වන්නේ තත්පර 9.93 ක්.තත්පර 10.08 න් ඉසව්ව නිමා කළ ඉතාලියේ ලොරෙන්සෝ පට්ටා පමණක් මෙම ඉසව්වේ සිය හොඳම පෞදගලික කාලය වාර්තා කරන්නට සමත් වුණා.ඔහු ඊට පෙර දක්වා තිබූ හොඳම දස්කම තත්පර 10.13 ක් වූවා.


මූලික තරගයේදී යුපුන් පරාජයට පත් කරමින් තත්පර 9.99 කාලයක් වාර්තා කරමින් ජයගත් බෙන්ජමින් අෂාමටි පස්වැනි තැනට පත්වෙමින් තත්පර 10.11 ක් කාලයක් වාර්තා කළ අතර ඔහු මීටර් 100 ඉසව්වක් සඳහා වැය කර ඇති හොඳම කාලය,තත්පර 9.90 ක් ලෙස වාර්තා වෙනවා.ෆිලිප්පෝ ටොර්ටු තරගයේ හයවැනි තැනට පත් වුණේ තත්පර 10.17 කාලයක් වාර්තා කරමින් වන අතර ඔහුගේ මීටර් 100 සඳහා හොඳම කාලය හැටියට වාර්තා වී තිබෙන්නේ තත්පර 9.99 ක කාලයකි.


යුුපුන් මෙම තරග ආරම්භයේ දී වාර්තා කරන ලද කාලය වැදගත් වන්නේ අනිත් ක්‍රීඩකයින් දක්වන ලද දක්ෂතාවයන්ට සාපේක්ෂවයි.තරගයේ පස්වන තැන දිනූ සහ මූලික තරගයේදී යුපුන්ව පරාජය කළ බෙන්ජමින් වුව ඊට උදාහරණයක් හැටියට ගත හැකියි.වේගවත්ම මිනිසුන්ගේ හමුවකදී හුස්ම ගන්නා මොහොතක ප්‍රමාදය හෝ පරාජය වන්නට ප්‍රමානවත් විය හැකි අතර ඒ් තත්තවය මත ලෝකයේ විශිෂ්ඨම කෙටි දුර ධාවකයන් අතර ඒ් මොහොතේ වඩාත්ම හොඳින් ක්‍රියාකරන තැනත්තාට ජය ගත හැකි වෙනවා.වැදගත්ම කාර්යය වන්නේ එම වැදගත්ම කෙනා විය හැකි ලෝකයේ විශිෂ්ඨතම මීටර් 100 ක්‍රීඩකයින් අතරේ තමන්ද සිටින බව යුපුන් මේ තරගයෙන් පැහැදිළි ඉඟියක් ලබා දීමයි.
මේ තත්ත්වය මත යුපුන් ජූනි 2 වන දා ෆලොරන්ස් හී දී ලොව දැවන්තයන්ට මුහුණ දීමේදී මේ ආරම්භයේ වැදගත්කම වඩාත් හොඳින් තහවුරු කරනු ඇත.එය සමහර විට දැවන්තයන් තඅර දැවන්තයා වන යුපුන්ගේ හොඳම කාලය ද සහිත ජයක් විමට ද ඉඩ ඇත.දෙයක් හොඳට හෝ නරකට මීටර් 100 ක තරගයකදී වෙනස් වන්නට හුස්ම ගන්නා තත්පර දශමයක ප්‍රමාදය හෝ නියමිත මොහොත සෑහේය.අපි නිවැරදිම දේ යුපුන් අතින් සිදු වේවා යැයි ප්‍රාර්ථනා කරමු!

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan