විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):වර්තමානයේ  ශ්‍රී ලංකාවේ ධීවරයන්ට දිනකට භූමිතෙල් වෙනුවෙන් රුපියල් පන්දාහක් (5,000) දහදාහක් (10,000)  අතර ප්‍රමාණයක් වියදම් කරන බවත් එම වියදම අවම කිරීම සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට ලංකාවේ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ආරම්භ කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි .

ධීවර ජනතාවට චීනයේ ලැබුණු භූමිතෙල් නොමිලේ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ධීවර කටයුතු සඳහා විදුලි කෝෂ එංජින් හඳුන්වා දීම ද මෙහිදී සිදු විය.

චීන තනාපතිවරයාගෙන් අමාත්‍යරවයා ඉල්ලා සිටියේ , එම විදුලි කෝෂ එන්ජින් චීන රජයේ ආධාර මත වැඩි දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අවශ්‍යය සහයෝගය ලබා දෙන ලෙසයි. තවද අමාත්‍යවරයා ආරාධනා කර සිටියේ, පානදුර ධීවර වරාය තුළ චීන ව්‍යපාරිකයින්ට සංචාරක ක්ෂත්‍රය සඳහා ආයෝජනය කිරීමට ද උදව් උපකාර කරන ලෙසද පානදුර ධීවර වරාය සංචාරක පාරාදීසියක් බවට පත් කිරිමට චීන ව්‍යපාරිකයින්ට එහි ආයෝජනය කරන ලෙසටයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මල නොතලා රොන් ගැනීමේ කලාව

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 01, කොළඹ LNW: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක...

ඉන්ධන මිල සංශෝධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 31, කොළඹ LNW : සැප්තැම්බර්...

එජාපයෙන් සමඟියට ගිය අයගේ තහනමත් ඉවතට – පක්ෂ සම්මේලනයත් සිරිකොතෙන් පිටට!

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයෙන් සමඟි ජන බලවේගයට ගිය අයට...